පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2296/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ඉසුරු පාසල් හා නවෝද්‍යා පාසල් ව්‍යාපෘති,
(i) ආරම්භ කළ වර්ෂයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ආරම්භ කිරීමේ පරමාර්ථයන් කවරේද;
(iii) මේ වන විටත් එම ව්‍යාපෘතීන් වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉසුරු පාසල් හා නවෝද්‍යා පාසල් ව්‍යාපෘති සඳහා,
(i) යොදවා ඇති දේශීය අරමුදල් ප්‍රමාණය;
(ii) යොදවා ඇති විදේශ අරමුදල් ප්‍රමාණය;
(iii) විදේශ අරමුදල් ලබා දී ඇති ආයතන, ලබා දුන් මුදල සහ වර්ෂයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ඉහත ව්‍යාපෘති යටතේ,
(i) ආරම්භ කළ වර්ෂයේ සිට මේ දක්වා සංවර්ධනය කළ පාසල් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් කොපමණද;
(ii) ඉදිරි වර්ෂ දහය තුළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත ඉසුරු හා නවෝද්‍යා පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ද්විතීයික පාසල් දහසේ ව්‍යාපෘතියට ඇතුළත්වන ඉසුරු හා නවෝද්‍යා පාසල් සංඛ්‍යාව දිස්ත්‍රික්ක මට්ටමින් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-07-18
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතා ( අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி த சொய்சா - கல்வி பிரதி அமைச்சர்)
(The Hon. Gamini Wijith Wijayamuni De Zoysa - Deputy Minister of Education)
ගරු කථානායකතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) ඉසුරු පාසල් - 2008 වර්ෂය
නවෝද්‍යා පාසල්-1998 වර්ෂයේදී පළාත් පාසල් සංවර්ධනය (Divisional School Development - DSD) නමින් ද, 2000 වර්ෂයේ සිට නවෝද්‍යා ව්‍යාපෘතිය ලෙස ද ආරම්භ කරන ලදී.
(ii) ඉසුරු පාසල් - සම අධ්‍යාපනික අවස්ථාවන් සැමට ලබා දීම උදෙසා භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කරමින් අංග සම්පූර්ණ ද්වීතියික පාසල් බවට දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය පාසල් වැඩිදියුණු කිරීම.
නවෝද්‍යා පාසල් - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් 1 වසර සිට 13 වසර දක්වා වූ පාසලක් සංවර්ධනය කර ජනප්‍රිය පාසල් සඳහා ඇති තරගය හා එම පාසල්වල තද බදය අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. තවද ප්‍රශස්ත මට්ටමේ ඉගෙනුමක්/ ඉගැන්වීමක් සහතික කරමු යන තේමාව යටතේ දිවයිනේ සියලුම නවෝද්‍යා පාසල්හි විවිධ විෂයබද්ධ හා භෞතික සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. ගුරු සිසු, ප්‍රජා යන පාර්ශ්ව තුනෙහිම සහභාගීත්වය මෙහිදී විශේෂය.
(iii) ඉසුරු පාසල් හා නවෝද්‍යා පාසල් ද ද්විතීයික පාසල් 1,000 වැඩසටහනට ඇතුළත් කර ක්‍රියාත්මක වේ.
(ආ) (i) ඉසුරු පාසල් - රුපියල් මිලියන 529
නවෝද්‍යා පාසල් - 1999 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් නවෝද්‍යා ව්‍යාපෘතියට අදාළ පාසල්වලට රුපියල් මිලියන 1700ක් භෞතික හා අධ්‍යාපන සංවර්ධනය සඳහා යොදවා ඇත.
2008 වසරේ සිට පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත නවෝද්‍යා පාසල්වලට අදාළ ප්‍රතිපාදන පළාත් සභාව වෙත මුදල් කොමිසම විසින් මේ දක්වා ලබා දී ඇත. එනම් 2008 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 1524.5කි. (එක්දහස් පන්සිය විසි හතරයි දශම පහකි.)
ඒ අනුව 1999 සිට 2012 දක්වා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 3224.5කි. (තුන්දහස් දෙසීය විසිහතරයි දශම පහකි.)
ඉසුරු පාසල් හා නවෝද්‍යා පාසල් ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුළු දේශීය අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3753.5කි. (තුන්දහස් හත්සිය පනස් තුනයි දශම පහකි.)
(ii) ඉසුරු පාසල් - රුපියල් මිලියන 844ක් යොදවා ඇත. (ආසියානු සංවර්ධන බැංකුව මඟින්)
නවෝද්‍යා පාසල් - නවෝද්‍යා ව්‍යාපෘති සඳහා විදේශ අරමුදල් ලැබී නොමැත.
(iii) ඉසුරු පාසල් සඳහා විදේශීය ආධාර ලබා දුන් ආයතන
|
ආයතනය |
වර්ෂය |
අරමුදල (රුපියල්මිලියන) |
|
ආසියානු සංවර්ධන බැංකුව |
2009 |
99 |
|
|
2010 |
173 |
|
|
2011 |
351 |
|
|
2012 |
221 |
|
|
එකතුව |
844
|
නවෝද්‍යා පාසල් සඳහා විදේශ ආධාර ලැබී නොමැත.
(ඇ) (i) ඉසුරු පාසල් - සංවර්ධනය කළ පාසල්හි විස්තර ඇමුණුම් 1හි දැක්වේ. නවෝද්‍යා පාසල් - සංවර්ධනය කළ පාසල්හි විස්තර ඇමුණුම් 2 හි දැක්වේ
(ii) ඉදිරි කාලයේ දී ඉසුරු හා නවෝද්‍යා පාසල්, ද්විතීයික පාසල් දහස ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.
(iii) ඉසුරු පාසල් - 1000ක් අයිති වේ. දිස්ත්‍රික් අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් 3හි දැක්වේ. නවෝද්‍යා පාසල් - 195ක් අයිති වේ. දිස්ත්‍රික් අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් 4හි දැක්වේ.
ඇමුණුම් සභාගත* කරමි.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks