04

E   |   සි   |  

 திகதி: 2012-07-18   பதிலளிக்கப்பட்டவைகள் 

2296/2012: இசுறு மற்றும் நவோத்யா பாடசாலைக் கருத்திட்டங்கள்: விபரம்

2296/ ’12

கௌரவ அகில விராஜ் காரியவசம்,—  கல்வி அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)    ‘இசுறு பாடசாலை’, மற்றும் ‘நவோத்யா பாடசாலை’ கருத்திட்டங்கள்,

          (i)      ஆரம்பிக்கப்பட்ட ஆண்டுகள் வெவ்வேறாக யாவை என்பதைம்;

          (ii)     ஆரம்பிக்கப்பட்டதன் குறிக்கோள்கள் யாவை என்பதையும்; அத்துடன்

(iii) தற்போதுகூட மேற்படி கருத்திட்டங்கள் வெவ்வேறாக நடைமுறைப்படுத்தப்படுகின்றனவா என்பதையும்

அவர் குறிப்பிடுவாரா?

(ஆ) ‘இசுறு பாடசாலை’, மற்றும் ‘நவோத்யா பாடசாலை’ கருத்திட்டங்களுக்காக,

(i) ஈடுபடுத்தப்பட்டுள்ள உள் நாட்டுப் பணத் தொகை;

(ii) ஈடுபடுத்தப்பட்டுள்ள வெளி நாட்டுப் பணத் தொகை; அத்துடன்

(iii) வெளி நாட்டுப் பணம் வழங்கிய நிறுவனங்கள், வழங்கியுள்ள தொகை மற்றும் ஆண்டுகள் வெவ்வேறாக யாவை என்பதையும்

அவர் குறிப்பிடுவாரா?

(இ) மேற்படி கருத்திட்டங்களின் கீழ்,

(i) ஆரம்பிக்கப்பட்ட ஆண்டு தொடக்கம் இற்றை வரை அபிவிருத்தி செய்யப்பட்டுள்ள பாடசாலைகளின் எண்ணிக்கை மாவட்ட மட்டத்தில் யாதென்பதையும்;

(ii) அடுத்து வரும் பத்தாண்டு காலத்தில் அபிவிருத்தி செய்ய உத்தேசிக்கப்பட்டுள்ள இசுறு மற்றும் நவோத்யா பாடசாலைகளின் எண்ணிக்கை வெவ்வேறாக யாதென்பதையும்; அத்துடன்

(iii) ஆயிரம் இரண்டாம் நிலைப் பாடசாலைகள் கருத்திட்டத்தில் உள்வாங்கப்படும் இசுறு மற்றும் நவோத்யா பாடசாலைகளின் எண்ணிக்கை மாவட்ட மட்டத்தில் யாதென்பதையும்;

அவர் குறிப்பிடுவாரா?

(ஈ) இன்றேல், ஏன்?

 

கேட்கப்பட்ட திகதி

2012-07-18

கேட்டவர்

கௌரவ அகில விராஜ் காரியவசம், பா.உ.

அமைச்சு

கல்வி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

ගරු  ගාමිණී විජිත්  විජයමුණි ද සොයිසා මහතා ( අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி  த சொய்சா - கல்வி பிரதி அமைச்சர்)

(The Hon. Gamini Wijith  Wijayamuni  De Zoysa - Deputy Minister of Education)

ගරු කථානායකතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      ඉසුරු පාසල් - 2008 වර්ෂය

                          නවෝද්‍යා පාසල්-1998 වර්ෂයේදී පළාත් පාසල් සංවර්ධනය (Divisional School Development - DSD) නමින් ද, 2000 වර්ෂයේ සිට නවෝද්‍යා ව්‍යාපෘතිය ලෙස ද ආරම්භ කරන ලදී.

(ii) ඉසුරු පාසල් - සම අධ්‍යාපනික අවස්ථාවන් සැමට ලබා දීම උදෙසා භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කරමින් අංග සම්පූර්ණ  ද්වීතියික පාසල් බවට දරිද්‍රතාවයෙන්        පෙළෙන ග්‍රාමීය පාසල් වැඩිදියුණු කිරීම.

නවෝද්‍යා පාසල් - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් 1 වසර සිට 13 වසර දක්වා වූ පාසලක් සංවර්ධනය කර ජනප්‍රිය පාසල් සඳහා ඇති තරගය හා එම පාසල්වල තද බදය අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. තවද ප්‍රශස්ත මට්ටමේ ඉගෙනුමක්/ ඉගැන්වීමක්  සහතික කරමු යන තේමාව යටතේ දිවයිනේ සියලුම නවෝද්‍යා පාසල්හි විවිධ විෂයබද්ධ හා භෞතික සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. ගුරු සිසු, ප්‍රජා යන පාර්ශ්ව තුනෙහිම සහභාගීත්වය මෙහිදී විශේෂය.

(iii) ඉසුරු පාසල් හා නවෝද්‍යා පාසල් ද ද්විතීයික පාසල් 1,000 වැඩසටහනට ඇතුළත් කර ක්‍රියාත්මක වේ.

(ආ) (i) ඉසුරු පාසල්  - රුපියල් මිලියන 529 

නවෝද්‍යා පාසල් - 1999 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් නවෝද්‍යා  ව්‍යාපෘතියට අදාළ පාසල්වලට රුපියල් මිලියන 1700ක් භෞතික හා අධ්‍යාපන සංවර්ධනය සඳහා යොදවා ඇත.

2008 වසරේ සිට පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත නවෝද්‍යා පාසල්වලට අදාළ ප්‍රතිපාදන පළාත් සභාව වෙත මුදල් කොමිසම විසින් මේ දක්වා ලබා දී ඇත. එනම් 2008 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 1524.5කි. (එක්දහස් පන්සිය විසි හතරයි දශම පහකි.)

ඒ අනුව 1999 සිට  2012 දක්වා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 3224.5කි. (තුන්දහස් දෙසීය විසිහතරයි දශම පහකි.)

ඉසුරු පාසල් හා නවෝද්‍යා පාසල් ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුළු දේශීය අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3753.5කි. (තුන්දහස් හත්සිය පනස් තුනයි දශම පහකි.) 

(ii) ඉසුරු පාසල් - රුපියල් මිලියන 844ක් යොදවා ඇත. (ආසියානු සංවර්ධන බැංකුව මඟින්) 

නවෝද්‍යා පාසල් -  නවෝද්‍යා ව්‍යාපෘති සඳහා විදේශ අරමුදල් ලැබී නොමැත.

(iii) ඉසුරු පාසල් සඳහා විදේශීය ආධාර ලබා දුන් ආයතන

 

 

ආයතනය

වර්ෂය

අරමුදල (රුපියල්මිලියන)

ආසියානු සංවර්ධන බැංකුව

2009

99

 

2010

173

 

2011

351

 

2012

221

 

එකතුව

844

 

නවෝද්‍යා පාසල් සඳහා විදේශ ආධාර ලැබී නොමැත.

(ඇ)         (i)      ඉසුරු පාසල් - සංවර්ධනය කළ පාසල්හි විස්තර ඇමුණුම් 1හි දැක්වේ. නවෝද්‍යා පාසල් - සංවර්ධනය කළ පාසල්හි විස්තර ඇමුණුම් 2 හි දැක්වේ

              (ii)      ඉදිරි කාලයේ දී  ඉසුරු හා න‍වෝද්‍යා පාසල්, ද්විතීයික පාසල් දහස  ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.

             (iii)      ඉසුරු පාසල් - 1000ක් අයිති වේ. දිස්ත්‍රික් අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් 3හි දැක්වේ.  නවෝද්‍යා පාසල් - 195ක් අයිති වේ. දිස්ත්‍රික් අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් 4හි දැක්වේ.

ඇමුණුම් සභාගත* කරමි.

 (ඈ) අදාළ නොවේ.

 

பதில் தேதி

2012-11-09

பதில் அளித்தார்

கௌரவ விஜித் விஜயமுணி சொய்சா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks