04

E   |     |  

 දිනය: 2023-06-21   පිළිතුර ලබා දී ඇත 

2692/2023: දුර ගමන් සේවා සුඛෝපභෝගී බස් රථ: බදු සහ වෙනත් ගාස්තු

2692/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දුර ගමන් සේවාවල යෙදෙන සුඛෝපභෝගි බස්රථවලින් අය කරනු ලබන වාර්ෂික බදු මුදල කොපමණද;

             (ii)       මාර්ග බලපත්‍ර සඳහා එම බස්රථවලින් අය කරනු ලබන මුදල කොපමණද;

(iii) ඉන්ධන, ටයර් සහ වාහන අමතර කොටස්  මිල අධික ලෙස ඉහළ ගොස් ඇති අවස්ථාවකදී ඉහත ගාස්තු අය කිරීම සාධාරණ වන්නේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ බස් කර්මාන්තය සඳහා ලබා දිය හැකි සහන කවරේද;

(ii) මගී ජනතාවට ප්‍රශස්ත ප්‍රවාහන සේවාවක් ලබා දීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-21

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

 

(අ)           (i)      වාර්ෂික බදු මුදලක් අය නොකරන අතර, වාර්ෂික යාවත්කාලීන කිරීමේ ගාස්තුවක් අය කෙරේ.

              (ii)      නිකුත් කර ඇති සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර  566ක් මේ වන විට වලංගු තත්ත්වයේ පවතින අතර, ඒවා අතරින්;

w         අවසර පත්‍ර 293ක් සඳහා රුපියල් රු.3,000 බැගින්ද,

w         අවසර පත්‍ර  241ක් සඳහා රුපියල්15,000 බැගින්ද,

w අවසර පත්‍ර 32ක් සඳහා ධාවනය වන ගමන් මාර්ගයට අදාළ ටෙන්ඩර් මුදලද වශයෙන් ගාස්තු අය කෙරේ.

(iii) අවසර පත්‍ර හිමියන්ට සහන සැලසීම සඳහා දැනට වාර්ෂික ටෙන්ඩර් මුදල ගලපනු ලබන්නේ 2018 වසරේ පැවැති බස් ගාස්තුවට සාපේක්ෂවය.

(ආ) (i) ණය පහසුකම් සඳහා අවම පොලියක් හඳුන්වා දීම.

බස් රථ ආනයනයේදී තීරු බදු සහන ලබා දීම.

බස් රථ හා අමතර කොටස් ආනයනයේදී පවත්නා සීමා ලිහිල් කිරීම.

ලීසිං පහසුකම් සඳහා අය කරන පොලී අනුපාත අඩු කිරීම.

විදුලි හා පත්ල පහත් බස් රථ සහනදායී ණය පහසුකම් යටතේ ලබා දීම.

ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා සහන මිලට ලබා දීම.

 

(ii) විවිධ ගාස්තු යටතේ සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ සේවා ක්‍රියාත්මක කිරීම.

ජීපීඑස් - GPS - උපකරණ භාවිතයෙන් බස් රථ නියාමනය කිරීම.

මඟී ජනතාව වෙත තොරතුරු ලබා දීමට හා මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට 1955 ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීම.

අන්තර් පළාත් ධාවනය වන බස් රථවල ප්‍රමිතිය භෞතිකව පරීක්ෂා කිරීම.

ධාවනයේ යෙදෙන බස් රථ පරීක්ෂා කිරීමට ජංගම පරීක්ෂණ නිලධාරින් යෙදවීම.

ආරක්ෂාකාරී හා ආචාරශීලී සේවාවක් සඳහා රියදුරු හා කොන්දොස්තර මහතුන් පුහුණු කිරීම.

"සිසු සැරිය" හා "නිසි සැරිය" ප්‍රවාහන සේවා දිවයින පුරා ක්‍රියාත්මක කිරීම.

පොදු ප්‍රවාහන සේවාවට අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලු බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු නියාමනය කිරීම.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks