04

E   |     |  

 දිනය: 2023-05-24   පිළිතුර ලබා දී ඇත 

2691/2023: Need of regulating imported agro chemicals

2691/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන් විසින් භාවිතා කරනු ලබන කෘමිනාශක හා වල්නාශකවල මිල ඉතා අධික බවත්;

             (ii)      ඒවා නිසි ප්‍රමිතියකින් යුක්ත නොවන බවත්;

            එතුමා දන්නෙහිද?

(ආ) (i) කෘමිනාශක හා වල්නාශක ආනයනය කිරීමේදී නියාමනයක් සිදු නොකිරීමට හේතු කවරේද;

(ii) ඒවායේ මිල පාලනය කිරීම සඳහා පියවර නොගැනීමට හේතු කවරේද;

(iii) කෘමිනාශක හා වල්නාශක භාවිතය සම්බන්ධයෙන් කෘෂි ක්ෂේත්‍ර නිලධාරින් මාර්ගයෙන් ගොවීන් දැනුම්වත් කිරීමට පියවර ගන්නේද;

(iv) කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-24

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks