පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2282/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;
(ii) දළදා පෙරහැර සඳහා දළදා මාළිගා අරමුදලින් වියදම් කළ මුදල කොපමණද;
(iii) ඒ සඳහා රාජ්‍ය ආයතනවලින් ලබාගත් මුදල කොපමණද;
(iv) මුදල් ලබා දුන් රාජ්‍ය ආයතන සහ එම එක් එක් ආයතනයෙන් ලබා දුන් මුදල කොපමණද;
(v) පෞද්ගලික ආයතනයන්ගෙන් ලබාගත් මුදල කොපමණද;
(vi) මුදල් ලබා දුන් පෞද්ගලික ආයතන සහ එම එක් එක් ආයතනය ලබා දුන් මුදල කොපමණද;
යන්න වර්ෂ 2009 සිට 2011 දක්වා කාල සීමාව සඳහා වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-19
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා
(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன)
(The Hon. M.K.A.D.S. Gunawardana)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
2009 වර්ෂය සඳහා ශ්‍රී දළඳා මාළිගාවේ ඇසල පෙරහැර සම්බන්ධ ආධාර සහ වියදම්
(අ) (i) රු. 25,053,552.04 (රුපියල් දෙකෝටි පණස්ලක්ෂ පණස්තුන්දහස් පන්සියපණස්දෙකයි ශත හතරයි)
(ii) රු. 9,053,552.04 (රුපියල් අනූලක්ෂ පණස්තුන්දහස් පන්සියපණස්දෙකයි ශත හතරයි)
(iii) රු. 9,900,000.00 (රුපියල් අනූනව ලක්ෂයයි)
(iv) ලංකා බැංකුව රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)
මහජන බැංකුව රු. 2,500,000.00 (රුපියල් විසිපන් ලක්ෂයයි.
ඇසළ පෙරහැර භාරය රු. 700,000.00 (රුපියල් හත්ලක්ෂයයි)
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය
රු. 2,700,000.00 (රුපියල් විසිහත් ලක්ෂයයි)
(v) රු. 6,100,000.00 (රුපියල් හැටඑක්ලක්ෂයයි)
(vi) කොමර්ෂල් බැංකුව රු. 200,000.00 (රුපියල් දෙලක්ෂයයි)
DSI පෞද්ගලික සමාගම රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)
ඩයලොග් ටෙලිකොම් රු. 3,500,000.00 (රුපියල් තිස්පස් ලක්ෂයයි)
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම රු.1,000.000.00 (රුපියල් දසලක්ෂයයි)
සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු. 700,000.00 (රුපියල් හත්ලක්ෂයයි)
ලෝඩ්ස්ටාර් පෞද්ගලික සමාගම රු. 200,000.00 (රුපියල් දෙලක්ෂයයි)
(ආ) අදාළ නොවේ.
2010 වසර සඳහා ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර සම්බන්ධ ආධාර සහ වියදම්
(අ) (i) රු. 32,907,943.89 (රුපියල් තුන්කෝටි විසිනවලක්ෂ හත්දහස් නවසිය හතළිස්තුනයි ශත අසූ හතරයි)
(ii) රු. 9,407,943.89 (රුපියල් අනූහතරලක්ෂ හත්දහස් නවසිය හතළිස්තුනයි ශත අසූ නවයයි)
(iii) රු.15,400,000.00 (රුපියල් එක්කෝටි පණස්හතර ලක්ෂයයි)
(iv) ලංකා බැංකුව රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)
මහජන බැංකුව රු.6,500,000.00 (රුපියල් හැටපන් ලක්ෂයයි.
ඇසළ පෙරහැර භාරය රු.900,000.00 (රුපියල් නවලක්ෂයයි)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු.3,000,000.00 (රුපියල් තිස් ලක්ෂයයි)
ජාතික ලොතරැයි මණ්ඩලය
රු. 1,000,000.00 (රුපියල් දසලක්ෂයයි)
(v) රු. 8,100,000.00 (රුපියල් අසූඑක්ලක්ෂයයි)
(vi) කොමර්ෂල් බැංකුව රු. 200,000.00 (රුපියල් දෙලක්ෂයයි)
DSI පෞද්ගලික සමාගම රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)
ඩයලොග් ටෙලිකොම් රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම රු.1,000,000.00 (රුපියල් දසලක්ෂයයි)
සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු.700,000.00 (රුපියල් හත්ලක්ෂයයි)
සිංගර් ශ්‍රී ලංකා රු. 100,000.00 (රුපියල් ලක්ෂයයි)
මාස් හෝල්ඩින්ස් රු.700,000.00 (රුපියල් හත්ලක්ෂයයි)
(ආ) අදාළ නොවේ.
2011 වසර සඳහා ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර සම්බන්ධ ආධාර සහ වියදම්
(අ) (i) රු. 32,338,044.46 (රුපියල් තුන්කෝටි විසිතුන්ලක්ෂ තිස්අටදහස් හතළිස්හතරයි ශත හතළිස් හයයි)
(ii) රු. 2,438,044.46 (රුපියල් විසිහතරලක්ෂ තිස්අටදහස් හතළිස්හතරයි ශත හතළිස්හයයි)
(iii) රු.14,400,000.00 (රුපියල් එක්කෝටි හතළිස්හතරලක්ෂයයි)
(iv) ලංකා බැංකුව රු. 4,000,00.00 (රුපියල් හතළිස්ලක්ෂයයි)
මහජන බැංකුව රු. 4,000,000.00 (රුපියල් හතළිස්ලක්ෂයයි.)
ඇසළ පෙරහැර භාරය රු. 900,000.00 ( රුපියල් නවලක්ෂයයි)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු.3,000,000.00 රුපියල් තිස්ලක්ෂයයි)
ජාතික ලොතරැයි මණ්ඩලය රු. 2,500,000.00 (රුපියල් විසිපන්ලක්ෂයයි)
(v) රු.15,500,000.00 (රුපියල් එක්කෝටි පනස්පන්ලක්ෂයයි)
(vi) DSI පෞද්ගලික සමාගම රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)
ඩයලොග් ටෙලිකොම් රු. 5,000,000.00(රුපියල් පනස්ලක්ෂයයි)
ගුවන් තොටු පොළ හා ගුවන් සේවා සමාගම රු.1,000,000.00 (රුපියල් දසලක්ෂයයි) සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු.1,500,000.00 - (රුපියල් පහළොස්ලක්ෂයයි)
සිංගර් ශ්‍රී ලංකා රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)
යුනිලිවර් සමාගම රු.2,000,000.00 (රුපියල් විසිලක්ෂයයි)
නෙත් එෆ්.එම්. රු.1,000,000.00 (රුපියල් දසලක්ෂයයි)
නෝලිමිට් ආයතනය රු.2,000,000.00 (රුපියල් විසිලක්ෂයයි)
මැලිබන් බිස්කට් රු. 1,500,000.00(රුපියල් පහළොස්ලක්ෂයයි)
නයනා පුෂ්පලතා සහ සමාගම රු. 500,000.00 (රුපියල් පන්ලක්ෂයයි)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks