පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2575/2023
ගරු ඩී. වීරසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට බීජ වී හිඟයක් පවතින බව දන්නේද;
(ii) එම හිඟය මගහරවා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බීජ වී නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු ප්‍රදේශ හා ගොවීන් හඳුනාගෙන තිබේද;
(ii) එම ගොවීන් සඳහා සපයනු ලබන පහසුකම් කවරේද;
(iii) යල සහ මහ කන්න දෙක සඳහා අවශ්‍ය බීජ වී නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වන විට බීජ වී හිඟයක් නොමැත.
ප්‍රභවය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(ii) දැනට බීජ වී හිඟයක් නොමැති අතර ශ්‍රී ලංකාව තුළ බීජ වී හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.
ප්‍රභවය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(ආ) (i) ඔව්.
ශ්‍රී ලංකාවේ බීජ වී නිෂ්පාදනයට සුදුසු දේශගුණික කලාප හඳුනා ගෙන ඒ ආශ්‍රිතව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයට අයත් බීජ වී නිෂ්පාදන ගොවිපළ 11ක් ස්ථාපිත කර ඇති අතර, එම ගොවිපළවල මූලික බීජ වී නිෂ්පාදනය කරනු ලබයි.
එසේම, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ බීජ කලාප කාර්යාල හරහා කොන්ත්‍රාත් බීජ නිෂ්පාදන ගොවිපළ මඟින් ගොවීන් පන්සියයකගේ සහභාගිත්වයෙන් සහතික බීජ නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
(ii)
1. බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මඟින් සහතික බීජ නිෂ්පාදනය සඳහා මූලික බීජ සැපයීම. (ලියාපදිංචි සහ අත්තිවාරම් බීජ)
2. කෘෂි තාක්ෂණය සැපයීම.
3. බීජ සහතික කිරීමේ සේවය මඟින් ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම සිදු කර පර්යේෂණාගාර මඟින් ගොවීන් නිෂ්පාදනය කරන බීජ වීවල ගුණාත්මක බව තහවුරු කර දීම හා සහතික ලේබල් ලබා දීම සිදු කරීම.
4. බීජ පනත යටතේ බීජ නිෂ්පාදකයන් ලියාපදිංචි කර, ගුණාත්මක බීජ නිෂ්පාදනයට යොමු කිරීම.
5. අවශ්‍ය ප්‍රශස්ත කාලගුණික දත්ත කළමනාකරණය කර වගාවට උචිත කාල වකවානු හා අයහපත් කාලගුණික දත්ත පිළිබඳ පුරෝකථන ලබා දීම.
6. වී වගා බිම්වල පස් සාම්පල් පරීක්ෂා කර පෝෂණ ඌනතා ගැන දැනුවත් කිරීම සහ ඒ අනුව පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම.
7. වී පර්යේෂණ ආයතන මඟින් දිවයිනේ කෘෂි පාරිසරික කලාපවලට සුදුසු නව වී ප්‍රභේද බිහි කර ගොවීන් වෙත ලබා දීම.
8. යන්ත්‍රානුසාරයෙන් බීජ සැකසීම හා ගබඩා කිරීම සඳහා අවස්ථානුකූලව පහසුකම් සැපයීම.
ප්‍රභවය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(iii) ඔව්.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් පෞද්ගලික ගොවීන්ට, ගොවි සංවිධාන, ගොවි සමුපකාර සමිති හා පෞද්ගලික අංශයේ ආයතන, මහවැලි ගොවිපළ හා මහවැලි බල ප්‍රදේශ, පළාත් සභා බල ප්‍රදේශවල සහතික බීජ නිෂ්පාදනය කිරීම සිදු කරනු ලැබේ.
ප්‍රභවය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks