01

E   |     |  

 දිනය: 2023-10-19   පිළිතුර ලබා දී ඇත 

2535/2023: කින්නියා පොලිස් ස්ථානය: ස්ථිර ගොඩනැඟිල්ලක්

2535/2023

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා පොලිස් ස්ථානය ස්ථාපනය කරන ලද දිනය කවරේද;

             (ii)      ඉහත පොලිස් ස්ථානය ස්ථාපනය කර ඇති ඉඩම හිමි පාර්ශ්වය කවරේද;

             යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කින්නියා පොලිස් ස්ථානය දීර්ඝ කාලයක සිට පුද්ගලික පාර්ශ්වයක් සතු ඉඩමක පවත්වාගෙන යාම හේතුවෙන් එම පොලිස් ස්ථානය සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නොහැකි වී ඇති බව දන්නේද;

(ii) එසේ නම්, ඉහත පොලිස් ස්ථානය සඳහා රජයේ ඉඩමක් සහ ස්ථිර ගොඩනැගිල්ලක් ලබා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-19

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2024-01-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටිරාන් අලස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks