පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2534/2023
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිලාවෙලි, කුච්චවෙලි සහ පුල්මුඩේ යන ප්‍රදේශ සංචාරක ආකර්ශණ ප්‍රදේශ බව දන්නේද;
(ii) එසේ නම්, කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) ඉදිරියේදී ඉහත (i)හි සඳහන් ප්‍රදේශවල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය සතු වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-04
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) i. ඉරක්කණ්ඩි සහ කලතයාරූ පාලම් අතර වෙරළත්, ප්‍රධාන මාර්ගයත් මායිම් වන අක්කර 510ක භූමි ප්‍රදේශයත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු වන අතර එය නැඟෙනහිර කලාපයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති කලාපයක් බවට පත් කිරීමට ඉලක්ක කර අවශ්‍ය කටයුතු කරමින් පවතී. ප්‍රධාන සැලැස්ම සකස් කර අවසන් වාර්තාව සහ අදාළ වීඩියෝ පටය 2022 දී නිම කරන ලදී. එසේම ප්‍රධාන සැලැස්ම මඟින් කුච්චවේලි වෙරළ නිකේතනයේ (Kuchchaveli Beach Resort) එක්තරා කොටසක් සංචාරක ආකර්ෂණයක් ලෙස, අලි සංක්‍රමණ ප්‍රදේශයක් ලෙස සංරක්ෂණය කිරීමට හඳුනා ගෙන ඇත.
ii. ඊට අමතරව ප්‍රජා පහසුකම් කාර්යාලය හා පරිපාලන ගොඩනැඟිලි, නිකේතන අන්තර් මාර්ග ජාලය, සත්ව සංචරණ, බයිසිකල් මංතීරු හා පා මංතීරු සඳහාද සැලැස්ම තුළින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. තවද, මේ වන විටත් ආයෝජකයන් 9දෙනෙකු සඳහා ඉඩම් කට්ටි වෙන් කර ඇති අතර එයින් එක් ආයෝජකයෙකු මේ වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.
iii. රටේ පැවති වසංගත තත්ත්වය හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් බොහෝ ගිවිසුම්ගත ව්‍යාපෘති ඉදිරියට යෑමේ යම් ප්‍රමාදයක් මතු වුවද මේ වන විට ඔවුන් සමඟ සාකච්ඡා කර ඉදිරියට යෑම ආරම්භ කර ඇත. මෙහිදී මතු වන ප්‍රධානතම ගැටලුව වනුයේ කුච්චවේලි වෙරළ නිකේතන ප්‍රදේශයට ජල පහසුකම් නොමැති වීමයි.
ඒ පිළිබඳව අප විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ඉල්ලීම් කළ අතර, ඔවුන් විසින් එයට ප්‍රතිචාර වශයෙන් දැන්වූයේ එම ජල ව්‍යාපෘතිය 2023 වර්ෂයේ
ආරම්භ කිරීමට සිටියද රටේ පැවැති අයහපත් වාතාවරණය හා ආර්ථික අපහසුතා හමුවේ එම ව්‍යාපෘතිය තවත් වසර 2ක් පමණ ප්‍රමාද වන බවයි. මෙම හේතුව නිසා ආයෝජකයන් යම් අපහසුතාවට පත්ව ඇතත්, මේ පිළිබඳව තාවකාලික විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් පවතී.
(iii) * ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ නැඟෙනහිර දොරටුව බවට පත් කිරීමේ අරමුණ ඇතිව සිංගප්පූරුවේ නාගරික සැලසුම් සමාගමක් වන Surbana Jurong Consultants (Pvt.) Limited නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මෙම සැලැස්ම යටතේ ඉහත සඳහන් ප්‍රදේශයද සංචාරක, අපනයන සහ සැපයුම් අංශවලින් ප්‍රතිනිර්මාණය කර සංචාරක කර්මාන්තයත් සමස්ත වශයෙන් මුළු දිස්ත්‍රික්කයත් දියුණු කිරීමට රජය අපේක්ෂා කරයි.
* ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රධාන වශයෙන් නැඟෙනහිර පළාත විදෙස් රටවල ප්‍රචාරණය කිරීම සඳහා, විදෙස් මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන් ගෙන්වීමේ වැඩසටහන යටතේ විදෙස් මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන් එම ප්‍රදේශවල දැනුවත්වීමේ සංචාර සඳහා එක්කර ඇති අතර, එමඟින් අන්තර්ජාතික මාධ්‍ය ප්‍රචාරයක් එම ප්‍රදේශ සඳහා ලබා දී ඇත.
* ඒ අනුව, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නැඟෙනහිර වෙරළ තීරය, නිලාවෙලි වෙරළ තීරය සහ නැඟෙනහිර මුහුදේ සමුද්‍ර ජීවීන් කෙරෙහි අවධානය යොමු කරමින්, ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය සංචාරක බලපෑම් කරන්නන් හරහා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සිදු කර ඇත. විශේෂයෙන් 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වාණිජ රූපවාහිනී නාළිකාව වන "චැනල් 9" හරහා නිලාවෙලි වෙරළ තීරය, පරෙවි දූපත සහ තල්මසුන් නැරඹීම ආවරණය වන පරිදි රූපවාහිනී සංචාරක වාර්තා වැඩසටහනක් (මිනිත්තු 44) සිදු කිරීමට කටයුතු කරන ලදී.
* කුච්චවේලි සහ පුල්මුඩේ යන ප්‍රදේශවල සංචාරක ප්‍රවර්ධන කටයුතු කිරීමට ප්‍රමාණවත් පරිදි යටිතල පහසුකම් සංවර්ධනය වී ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශ ද ආවරණය වන පරිදි අදාළ ප්‍රවර්ධන කාර්යයන් ඉදිරියේදී සිදු කරනු ලැබේ. තවද සංචාරක ප්‍රවර්ධන කටයුතු අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජංගම යෙදුමෙහිද (Mobile App) සුවිශේෂී ඉඩක් නැඟෙනහිර පළාත වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks