01

E   |     |  

 දිනය: 2023-08-11   පිළිතුර ලබා දී ඇත 

2532/2023: Regarding the details of Prisoners in Eastern province presently

2532/2023

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       නැගෙනහිර පළාතේ මේ වනවිට ස්ථාපිත කර ඇති බන්ධනාගාර සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම බන්ධනාගාර ස්ථාපිත කර ඇති ස්ථාන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම බන්ධනාගාරවල මේ වනවිට රඳවා තබා සිටින රැඳවියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම බන්ධනාගාරවල ධාරිතාවය ඉක්මවා රඳවා තබා සිටින රැඳවියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ධාරිතාවය ඉක්මවා රඳවා තබා සිටින රැඳවියන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-11

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks