පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2531/2023
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම් පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නම් කවරේද;
(iii) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලි වැට ඉදිකර තිබෙන ප්‍රදේශ කවරේද;
(iv) එම අලි වැටවල මුළු දිග කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලි වැට ඉදිකර නොමැති ප්‍රදේශ;
(ii) එම ප්‍රදේශවල අලිවැට ඉදිකිරීම සඳහා ගනු ලබන පියවර;
(iii) මේ වනවිට ඉදිකර ඇති අලි වැට තවදුරටත් දීර්ඝ කිරීමට ගෙන ඇති පියවර;
කවරේද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-07
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 11යි.
(ii) සේරුවිල, කන්තලේ, ගෝමරන්කඩවල, මොරවැව, කුච්චවේලි, පදවිශ්‍රීපුර, කින්නියා, මුතූර්, තඹලගමුව, වෙරුගල්, නගර හා කඩවත්.
(iii) කුච්චවේලි, කුඹුරුපිටිය, තිරියාය, කල්ලන්පත්තු, පදවිශ්‍රීපුර, තෙන්නමරංවාඩිය, අග්බෝපුර, දිවුල්ගස්වැව, සීනිපුර, වාන්ඇල, සූරියපුර 09 කණුව, සමනල පාලම 1 සහ 2, වෙලංගස්මංකඩ, සෝමපුර — අරියමංකේණි, සිරිමංගලපුර-අරියමංකේණි, අරියමංකේණි-දෙහිවත්ත, සමගිපුර-නීලපොල, සර්ධාපුර, කින්නියා, ආන්දන්කුලම, ඉලුප්පායිකුලම, උප්පාරු, මජීඩ්නගර්, අයිල්අඩි, විල්ගම්වෙහෙර, ගෝමරන්කඩවල, මොරවැව නාමල්වත්ත, කළ්‍යාණපුර, මහදිවුල්වැව, පුලිකණ්ඩිකුලම, කිවුලේකඩ, කජුවත්ත, කුරුදුගම, වෙහෙරවැව, බෙල්ලික්කඩ.
(iv) ඔව්, කිලෝමීටර 412.17යි.
(ආ) (i) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විදුලි වැට ඉදිකර නොමැති ප්‍රදේශ:
(ii) එම ප්‍රදේශවල විදුලි වැට ඉදිකිරීම සඳහා ගනු ලබන පියවර:
(iii) ඔව්.
කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උප්පාරු-මජීඩ් නගර් විදුලි වැට දීර්ඝ කිරීම - කිලෝමීටර 02යි.
දෙහිවත්ත - ගෙංගෙයි පාලම විදුලි වැට කිලෝමීටර 8කින් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks