පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2528/2023
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ මගී අවශ්‍යතා ආවරණය කරනු ලබන දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;
(ii) එම දුම්රිය මැදිරි කොපමණ කාලයක සිට ධාවනය කරනු ලබන්නේද;
(iii) ඉහත සඳහන් දුම්රිය මැදිරි ඉතා පැරැණි වන අතර හා මේ වනවිට භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව දන්නේද;
(iv) ශ්‍රී ලංකාවේ බොහෝ දුම්රිය ස්ථාන සඳහා නවීන දුම්රිය මැදිරි හා දුම්රිය එන්ජින් ලබා දී ඇති නමුත් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය සඳහා නවීන දුම්රිය මැදිරි හා දුම්රිය එන්ජින් ලබා නොදීමට හේතුව කවරේද;
(v) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය සහ එම දුම්රිය ස්ථානයට ලබා දී ඇති දුම්රිය මැදිරි නවීකරණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-26
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks