01

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

2526/2023: ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත උපාධිධාරී අභ්‍යාසලාභින්: පාසල්වලට අනුයුක්ත කිරීම

2526/2023

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)        උපාධිධාරි අභ්‍යාසලාභින් ලෙස 2020 වසරේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල             වෙත අනුයුක්ත කරනු ලැබූ උපාධිධාරින්ගෙන් යම් නිශ්චිත පිරිසක්             පාසල්වලට අනුයුක්ත කරන ලද බවත්;

(ii) එම පිරිස පාසල් නිවාඩු කාලයේදී නැවත රාජ්‍ය ආයතන වෙත කැඳවනු ලබන බවත්;

එතුමා දන්නෙහිද?

‍(ආ) ඉහත (අ)(i)හි සඳහන් උපාධිධාරි අභ්‍යාසලාභින් පුහුණුව අවසානයේදී පත් කරනු ලබන්නේ ගුරුවරුන් වශයෙන්ද නැතහොත් සංවර්ධන නිලධාරින් වශයෙන්ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත සඳහන් උපාධිධාරි අභ්‍යාසලාභින් සේවය කරනු ලබන පදනම;

(ii) ඔවුන්ගේ සේවය ස්ථිර කරනු ලබන දිනය;

කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)  ඔව්

           (ii) ඔව්

(ආ)     සංවර්ධන නිලධාරින් වශයෙනි.

(ඇ)    (i)  (ii)  මේ වන විට ස්ථීර පදනමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවන්හි සංවර්ධන නිලධාරි සේවාවන්ට අදාළ තනතුරුවලට 2022.01.03 හා 2022.04.01 දිනැතිව පත්වීම් ලබා දී ඇත.

(ඈ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks