පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2276/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විශ්වවිද්‍යාලවල ආරක්ෂක කටයුතු රක්නා ආරක්‍ෂණ ලංකා සමාගමට පැවරීමට පෙර එම ආරක්‍ෂක කටයුතු භාරව කටයුතු කළ ආරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබුණේ ගිවිසුම්ගත කාල සීමාවකට නම්, එම සේවා කාලය අවසන් කළ යුතුව තිබූ දිනය කවරේද;
(ii) එකී දිනයට පෙර ඔවුන් ඉවත් කළේ නම්, එසේ කිරීමට හේතු කවරේද;
(iii) ගිවිසුම්ගත කාල සීමාවට පෙර තම රැකියා අහිමිව මහත් දුෂ්කරතාවයට පත්ව ඇති ඉහත සඳහන් ආරක්‍ෂක නිලධාරින්ගේ පවුල්වලට සහනයක් සැලසීම සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-26
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා (උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு நந்திமித்ர ஏக்கநாயக்க - உயர் கல்வி பிரதி அமைச்சர்)
(The Hon. Nandimithra Ekanayake - Deputy Minister of Higher Education)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, උසස් අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i)
|
විශ්වවිද්‍යාලය / උසස් අධ්‍යාපන ආයතනය |
ආරක්ෂක සේවය සඳහා ගිවිසුම්ගත දිනය |
|
පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
2011.10.31 |
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
2011.09.30 |
|
රුහුණ විශ්වවිද්‍යාලය |
2012.04.30 |
|
රජරට විශ්වවිද්‍යාලය |
2011.12.31 |
|
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය |
2011.10.26 |
|
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය |
2012.01.31 |
|
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය |
2012.04.30 |
(ii) 2011.09.02 දින අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් විශ්වවිද්‍යාලවල ආරක්ෂක කටයුතු රක්නා ලංකා ආරක්ෂක සමාගමට සහ සීමාසහිත එල්ආර්ඩීසී සමාගමට පැවරීම සඳහා කටයුතු යෙදීම.
(iii) අදාළ ගිවිසුම් අනුව පූර්ව දැනුම් දීමකින් පසු දෙපාර්ශ්වයේ එකඟතාව අනුව සේවය අවසන් කිරීම කළ හැකිය. ඒ අනුව ගැටලුවක් පැන නොනඟී. කලින් ගත්ත සමාගම්වලට ඒ අනුව පූර්ව දැනුම් දීමක් කර තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks