පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2274/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඩෙව්කොෂෝවා සමාගම ලෙසින් ආරම්භකරන ලද පසුව ෆුජීමා ස්ටේට් කෝපරේෂන් සමාගම නමින් පවත්වාගෙන යන ආයතනය සතු කොටදණියාව වැඩිබිම මේ වන විට ක‍්‍රියාත්මක වන්නේද;
(ii) එහි සේවය කරන සේවකයින් සංඛ්‍යාව කොපමණද;
(iii) මේ දක්වා ඔවුන්ගේ වේතන ගෙවා තිබේද;
යන්න එතුමා සඳහන් කරන‍්නෙහිද?
(ආ) (i) ඉහත නම සඳහන් ආයතනය සතු යන්ත‍්‍රසූත‍්‍ර සහ වාහන කවරේද;
(ii) එකී යන්ත‍්‍රවල සහ වාහනවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම වැඩපල පිහිටි ස්ථානයෙන් ඉවත් කිරීමට හෝ යන්ත‍්‍රසූත‍්‍ර ගලවා වෙන්දේසි කිරීමට හෝ විකුණා දැමීමට හෝ කටයුතු යොදා තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ආරම්භ කළ වර්ෂයේ සිට මේ දක්වා එම වැඩබිම ලැබූ ලාභය හෝ පාඩුව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මෙම වැඩබිම රජයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ කවදා සිටද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-23
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)
(மாண்புமிகு விமல் வீரவங்ச - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)
(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) මේ වන විට ෆූජිමා ස්ටේට් කෝපරේෂන් ආයතනය ක්‍රියාත්මක නොවන නිසා කොටදෙණියාව වැඩ බිම ද ක්‍රියාත්මක නොවේ.
(ii) ස්ථිර සේවක සංඛ්‍යාව 05කි.
(iii) ආයතනයේ සේවය කළ කාල සීමාවට වැටුප් ගෙවා ඇත.
(ආ) (i)
|
ක්‍රෂර් යන්ත්‍රය |
01 |
|
වීල් ලෝඩර් |
03 |
|
කොම්ප්‍රේසර් |
02 |
|
ට්‍රැක් ඩ්‍රිල් |
01 |
|
පම්ප් කාර් |
01 |
|
ජෙනරේටර් |
04 |
|
වෙල්ඩින් ජෙනරේටර් |
01 |
|
ට්‍රක් මික්සර් |
06 |
|
ටිපර් රථ |
02 |
(ii)
|
ක්‍රෂර් යන්ත්‍රය |
2,68,60,000 |
|
වීල් ලෝඩර් |
25,00,000 |
|
කොම්ප්‍රේසර් |
30,00,000 |
|
ජෙනරේටර් |
62,00,000 |
|
ට්‍රක් මික්සර් |
68,75,000 |
|
ටිපර් රථ |
45,00,000 |
|
ට්‍රාන්ස් පෝමර් |
14,00,000 |
(iii) මෙම වැඩ බිම ඉවත් කිරීමට හෝ මෙම යන්ත්‍ර සූත්‍ර ගලවා වෙන්දේසි කිරීමට හෝ විකුණා දැමීමට හෝ කටයුතු කර නැත.
(ඇ) (i)
|
කාල පරිච්ඡේදය |
පාඩුව |
|
2007 නොවැම්බර් සිට 2009 මාර්තු 31 දක්වා |
25,60,845.66 |
|
2009 මාර්තු සිට 2012 මාර්තු දක්වා |
34,42,865.10 |
ගිණුම් වර්ෂය මාර්තු 31 අවසන් වේ.
(ii) රජයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් පවතියි.
(iii) එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය නීත්‍යනුකූල අවසරය (බලපත්‍ර) ලැබුණු පසුව වේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks