04

E   |     |  

 දිනය: 2012-11-19   පිළිතුර ලබා දී ඇත 

2264/2012: අමාත්‍යවරුන්ගේ ආරක්‍ෂක නිලධාරින්: විස්තර

2264/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කැබිනට් අමාත්‍යවරයෙකුගේ ආරක්‍ෂාව සඳහා ලබා දී ඇති ආරක්‍ෂක නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම ආරක්‍ෂක නිලධාරීන් පොලිස් නිලධාරීන් ද, ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් ද, නැතහොත්  හමුදා නිලධාරීන් ද;

(iii) උක්ත නිලධාරින්ට අමතරව වෙනත් පුද්ගලයින් අමාත්‍යවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා  තිබේද;

(iv) එ‍සේ නම්, ඔවුන් කවුරුන්ද;

(v) ආරක්ෂාව සඳහා එම පුද්ගලයින් යොදවා ගෙන ඇති අමාත්‍යවරු කවුරුන්ද;

           (vi)  අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි පිරිසක් යොදා ගැනීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ඉහත අ(i) හි සඳහන් අමාත්‍යවරයෙකුට ලබා දී ඇති පසුපෙළ රථ  (Backup Vehicles) සංඛ්‍යාව කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-19

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා

(மாண்புமிகு  நிமல் சிறிபால த சில்வா)

(The Hon. Nimal Siripala de Silva)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙක් හා පොලිස් සැරයන් හෝ පොලිස් කොස්තාපල් 05ක් වශයෙන් නිලධාරින් 06ක් ලබා දී ඇත.

(ii) ඇමති ආරක්ෂක කොට්ඨාසයේ  නිලධාරින්ය.

(iii) නැත.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(vi) අදාළ නොවේ.

(ආ) ලබා දී ඇති පසු ගමන් ආරක්ෂක රථ (backup vehicles) 01 යි.

(ඇ) පැන නොනඟියි.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks