පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2245/’12
ගරු රවී කරුණානායක මහතා,— සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ ඇති ලෝක උරුම ස්ථානයන් කවරේද;
(ii) එවැනි දර්ශනීය ස්ථානයන් මනා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම වෙනුවෙන් වැය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) පසුගිය වර්ෂ තුනක කාලය තුළ, දේශීය ලෝක උරුම ස්ථානයන් නැරඹීම සඳහා පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) පසුගිය වර්ෂ තුනක කාලය තුළ, එම ස්ථානවලින් උපයා ගන්නා ලද ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2010 සහ 2011 වර්ෂයන්හිදී ඉහත කී ස්ථානයන්හි සෘජු හා වක්‍ර ලෙස සේවයේ යෙදී සිටි පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-23
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංස්කෘතික හා කලා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සංස්කෘතික ලෝක උරුම ස්ථාන:
* අනුරාධපුර පූජා නගරය
* පොළොන්නරුව පැරණි නගරය
* සීගිරිය පැරණි නගරය
* දඹුල්ල බිතු සිතුවම් සහිත ලෙන් විහාර සංකීර්ණය
* මහනුවර පූජා නගරය
* ගාල්ල පැරණි නගරය හා එහි කොටු බැම්ම.
ස්වාභාවික ලෝක උරුම ස්ථාන (පරිසර අමාත්‍යාංශය යටතේ පවත්නා ලෝක උරුම ස්ථානයන්ය.)
* සිංහරාජ වනාන්තරය
* ශ්‍රී පාදය හා නකල්ස් කඳුවැටිය ආශ්‍රිත මධ්‍ය කඳුකර වනාන්තරය
(ii) පසු ගිය වර්ෂ තුන තුළදී සංස්කෘතික ලෝක උරුම ස්ථාන කැණීම්, සංරක්ෂණ හා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1448.6ක් වැය කර ඇත.
(iii) වර්ෂය දේශීය සංචාරකයන් ගණන විදේශීය සංචාරකයන් ගණන
2010 537,118 208,461
2011 593,896 426,348
2012 452,369 587,738
(iv) වර්ෂය උපයා ගන්නා ලද ආදායම රුපියල් මිලියන
2010 761.58
2011 1,023.11
2012 1,341.24
(ආ) වර්ෂය සෘජු ලෙස සේවයේ යෙදී සිටි පුද්ගලයන් සංඛ්‍යාව
2010 1,399
2011 1,331
වක්‍ර ලෙස සේවයේ යෙදී සිටි පුද්ගලයන් ගණයට, ලෝක උරුම ස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල සංචාරක ව්‍යාපාර ආශ්‍රිත රැකියාවන්හි නියුතු පුද්ගලයන් හා සංචාරක හෝටල් ව්‍යාපාරයන්හි සේවය කරනු ලබන පුද්ගලයන් අයත් වේ. මේ හා බැඳුණු විවිධ කාර්යයන් රාශියක් ඇති බැවින් හා ඔවුන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ස්වාධීනව කටයුතු කරන බැවින් අදාළ ප්‍රවේශයන් වර්ධනය කර ඇති බව සඳහන් කිරීමට කැමැතියි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-12-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks