පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2238/’12
ගරු පී. හැරිසන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උතුරුමැද පළාත් සභාව වකුගඩු රෝගීන්ට නොමිලයේ බෙදා හැරීම සඳහා ප්‍රමිතියෙන් තොර ජල පෙරණ අක්‍රමවත් ලෙස මිලදී ගෙන ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) එම ජල පෙරණ මිලදී ගැනීමේදී,
(i) වැය කළ මුදල හා ලබා ගත් ජල පෙරණ සංඛ්‍යාව;
(ii) අනුගමනය කළ ටෙන්ඩර් පටිපාටිය;
(iii) ටෙන්ඩර් ඉදිරිපත් කළ ආයතනවල නම්, ලිපිනයන් සහ ඉදිරිපත් කළ මිල ගණන් වෙන් වෙන් වශයෙන්;
(iv) ටෙන්ඩරය ලබාදුන් ආයතනයේ නම හා ලිපිනය;
කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ඉහත සඳහන් ජල පෙරණ,
(i) සම්බන්ධ ප්‍රමිති පරීක්ෂාව රජයේ ආයතනයකින් සිදු නොකර මිල දී ගත් ආයතනයෙන්ම සිදු කිරීමට අනුමතිය ලබා ගත් ක්‍රියා පටිපාටිය කවරේද;
(ii) බෙදාහැරීම නතර කරන ලෙස විගණකාධිපතිවරයා නියෝග කර තිබියදීත් තව දුරටත් ඒවා මිලදී ගන්නේද;
(iii) මිලදී ගැනීමට මුදල් අනුමත කළ නිලධාරියා කවුරුන්ද;
(iv) මිලදී ගැනීම රජයේ මුදල් රෙගුලාසිවලට පටහැනිව සිදුකර ඇති බව පිළිගන්නේද;
(v) මිලදී ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-06-21
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks