බලන්න

04

E   |     |  

 දිනය: 2012-06-19   පිළිතුර ලබා දී ඇත 

2236/2012: Flood - Destruction due to floods in Anuradhapura District

2236/’12

ගරු පී. හැරිසන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2011 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ඇතිවූ ගංවතුරින් හානි සිදුවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

  (ii)  එක් එක්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස‍යේ ගංවතුරින් ආපදාවට ලක්වූ පුද්ගලයින් හා පවුල්  සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)   එම එක් පවුලක් සඳහා ගෙවූ වන්දි මුදල කොපමණද;

  (iv)  ගෙවන ලද එම වන්දි ප්‍රමාණය පවුලේ සාමාජික සංඛ්‍යාව අනුව තීරණය කළේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉහත ගංවතුර නිසා පූර්ණ හානියට පත්වූ සහ අර්ධ හානියට පත්වූ නිවාස සංඛ්‍යාව;

  (ii)  එම නිවාස අතුරින්  පූර්ණ හානියට හා අර්ධ හානියට පත් බලපත්‍ර සහිත නිවාස සංඛ්‍යාව සහ එම නිවාස සඳහා ගෙවූ වන්දි මුදල;

  (iii)  පූර්ණ හානියට හා අර්ධ හානියට පත් බලපත්‍ර රහිත නිවාස සංඛ්‍යාව සහ එම නිවාස සඳහා ගෙවූ වන්දි මුදල;

එක් එක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-06-19

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks