පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2217/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ, ජනසෙවන වැඩසටහන යටතේ කොළඹ නගරය තුළ පැල්පත් හා සෙසු අවිධිමත් නිවාසවල වෙසෙන ජනතාව සඳහා නව නිවාස 65,000ක් ඉදි කිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත පොරොන්දුව පරිදි මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාස ඉදිකර ඇති ස්ථාන කවරේද;
(iii) මේ වන විට එම නිවාසයන්හි පදිංචි කර ඇති මුළු පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-09-20
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)
(மாண்புமிகு விமல் வீரவங்ச - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)
(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)
(අ) ඔව්.
(ආ) (i) නිවාස 999යි.
(ii)
නිවාස ඉදි කළ ස්ථානය නිවාස ඒකක
ආයතනය ප්‍රමාණය
කොළඹ දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය කොළඹ 40
ශ්‍රී ජයවර්ධනපුර 28
තිඹිරිගස්යාය 14
කොළොන්නාව 51
සීතාවක 93
කඩුවෙල 57
පාදුක්ක 57
හෝමාගම 80
මහරගම 41
දෙහිවල 15
රත්මලාන 21
මොරටුව 51
කැස්බෑව 71
නාගරික ජනාවාස
සංවර්ධන අධිකාරිය බොරැල්ල සිංහපුර
නිවාස යෝජනා ක්‍රමය අදියර II 60
නාගරික සංවර්ධන
අධිකාරිය දෙමටගොඩ 320
එකතුව 999
(iii) පවුල් 999යි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks