පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2216/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, පළමු වර්ෂ පහේදී පොලිය පමණක් ගෙවීමේ පහසුකම සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇතිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත පොරොන්දුව පරිදි එම නිවාස ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ වර්ෂය කවරේද;
(ii) මේ වන විට එකී නිවාස ණය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) නිවාස ණය ලබාදීමේදී ප්‍රතිලාභීන් තෝරා ගත් පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-07-06
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලසන්ත අලගියවන්න මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லசந்த அலகியவன்ன - நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொதுவசதிகள் பிரதி அமைச்சர்)
(The Hon. Lasantha Alagiyawanna - Deputy Minister of Construction, Engineering Services, Housing and Common Amenities)
ගරු කථානායකතුමනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) ඔව්.
(ආ) (i) පළමු වසර පහේදී පොලිය පමණක් ගෙවීමේ පහසුකම් සහිත ණය යෝජනා ක්‍රමයක් වෙනුවට ඉතා අඩු පොලියට සහ තවත් වරප්‍රසාද ගණනාවක් ඇතුළත් කරමින් නිවාස ණය ලබා දීමේ යෝජනා ක්‍රමයක් 2005 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ. ඇමුණුම සභාගත* කරමි.
(ii) පවුල් 94,834යි.
(iii) නිවාස ණය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිවාස අවශ්‍යතාවය ඇති, ඒ සඳහා පෙර සුදානම් හා ආපසු ගෙවීමේ හැකියාව ඇති අයදුම්කරුවන් තෝරා ගැනීම පදනම වේ.
(ඇ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2013-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks