01

E   |     |  

 දිනය: 2012-07-04   පිළිතුර ලබා දී ඇත 

2211/2012: “ජනසෙවණ” නිවාස : සින්නක්කර අයිතිය

2211/’12

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන අනුව, දියවර, දියවර විසිරි, ජන උදාන, ගම් උදාන ආදී විවිධ නම්වලින් ඉදි කර ඇති නිවාස යෝජනා ක්‍රම යටතේ ලබා දී ඇති නිවාස ණය හා පොලියද කපාහැර එම නිවෙස්වල සින්නක්කර අයිතිය ලබා දෙන බවට  පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) ඉහත එක් එක් නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාසවල සින්නක්කර අයිතිය හිමි වූ පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?   

 

අසන ලද දිනය

2012-07-04

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)

(மாண்புமிகு விமல் வீரவங்ச -  நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)

(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

 

(අ)       ඔව්.

(ආ)     2006 වසරේ සිට 2012 ඔක්තෝබර් 15 දක්වා 20808ක් සඳහා   සින්නක්කර අයිතිය ලබා දී ඇත. විස්තර ඇතුළත්  ඇමුණුම  සභාගත* කරමි.

 (ඇ)  අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

පිළිතුරු දුන් දිනය

2012-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks