01

E   |     |  

 දිනය: 2012-07-04   පිළිතුර ලබා දී ඇත 

2210/2012: අඩු ආදායම් නාගරික ජනාවාස ව්‍යාපෘතිය යටතේ ඉඩම් : අයිතිය

2210/’12

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන අනුව, අඩු ආදායම් නාගරික ජනාවාස ව්‍යාපෘතිය යටතේ නිවාස තැනීමට දෙන ලද පර්චස් දෙකක ඉඩම් කැබැල්ලේ පූර්ණ අයිතිය එහි වත්මන් පදිංචිකරුවන්ට ලබා දෙන බවට පොරොන්දුවක් දී ඇති බව එතුමා  දන්නෙහිද?

(ආ) ඉහත වැඩසටහන යටතේ මේ වන විට පර්චස් දෙකක පූර්ණ අයිතිය හිමිවූ පවුල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2012-07-04

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලසන්ත අලගියවන්න මහතා

(மாண்புமிகு லசந்த அலகியவன்ன)

(The Hon. Lasantha Alagiyawanna)

ගරු කථානායකතුමනි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා ඒම ප්‍රශ්නය අහනවා.

 

(අ)       ඔව්.

(ආ)     පූර්ණ අයිතිය හිමි වූ සංඛ්‍යාව - 1,431කි.

(ඇ)     අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks