01

E   |     |  

 දිනය: 2023-11-10   පිළිතුර ලබා දී ඇත 

1818/2023: පානීය ජල පහසුකම් නොමැති ගම්මාන: ගම්පහ දිස්ත්‍රික්කය

1818/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන අතරින් පානීය ජල පහසුකම් නොමැති ගම්මාන සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ගම්මානවල නම් කවරේද;

            (iii)       එම ගම්මානවල ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-10

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ජලය ලබා දී නොමැති ග්‍රාම නිලධාරී වසම් ගණන 440ක් වේ.

                        (එම ජනතාව විවිධ ජල ප්‍රභව ඔස්සේ එනම් නළ ළිං, පොදු ළිං හා නිවසේ ඇති ළිං මඟින් පානීය ජල අවශ්‍යතාවන් සපුරා ගනු ලැබේ.)

(ii) ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

(iii) ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් යෝජිත ක්‍රියා මාර්ග

I. යෝජිත දිවුලපිටිය ජල සම්පාදන ක්‍රමය

II. යෝජිත මීරිගම ජල සම්පාදන ක්‍රමය

III. ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය

(මෙම ව්‍යාපෘති මඟින් ආවරණය වන ග්‍රාම නිලධාරී වසම් ඇමුණුම් අංක 02**හි දක්වා ඇත.)

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉහත ව්‍යාපෘති මඟින් ආවරණය නොවන ග්‍රාම නිලධාරී වසම්වල සුදුසු ජල මූලාශ්‍ර ඇත්නම් ශක්‍යතාව සොයා බලා ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-01-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks