පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1812/2023
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කි.මී.20ක දිගින් යුතු කොටස ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවූ දිනය කවරේද;
(ii) ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද දේශීය සමාගම් සංඛ්‍යාව, එම එක් එක් සමාගමේ නම හා ඉදිරිපත් කරන ලද මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද විදේශීය සමාගම් සංඛ්‍යාව, එම එක් එක් සමාගමේ නම හා ඉදිරිපත් කරන ලද මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මෙම ටෙන්ඩර් පටිපාටියේදී විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සැලසුම් කිරීම, ඉදිකිරීම, මූල්‍යනය කිරීම, ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම හා පැවරීම (DBFOMT ක්‍රමය යටතේ) සුදුසු ආයෝජකයන්ගෙන් ටෙන්ඩර් කැඳවීම 2021.07.22 දින ආරම්භ කළ අතර, ටෙන්ඩර් කැඳවීම අවසාන කරන ලද්දේ 2021.09.05 දිනය.
(ii) ඉහත ප්‍රසම්පාදනය සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් 5කින් සැදුම්ලත් එක් දේශීය හවුල් සමාගමක් විසින් -Consortium- මිල ගණන් ඉදිරිපත් කරන ලදී.
සමාගමේ නම - Lanka Infrastructure Development Consortium - LIDC
එම සමාගම DBFOMT ක්‍රමය යටතේ (සැලසුම් කිරීම, ඉදිකිරීම, මූල්‍යනය කිරීම, ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම හා පැවරීම) මෙම අධිවේගී මාර්ග කොටස ක්‍රියාත්මක කිරීම සඳහා අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 62.4 බැගින් වර්ෂ 15ක් සඳහා වූ මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
(iii) එක් විදේශීය සමාගමක් පමණක් ටෙන්ඩර් පත්‍රිකාවලට අනුකූලව තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඉදිරිපත් කර තිබුණි. එම සමාගම MCC International Incorporation Limited - MCCI- වේ. තවත් සමාගම් දෙකක් ලංසු ඇපකර රහිතව යෝජනා ඉදිරිපත් කර තිබූ නිසා එම යෝජනා ප්‍රතික්ෂේප විය.
එම සමාගම්:
1. China State Construction Engineering Corporation Limited.
2. China Jiangxi International Economic and Technical Cooperation Co. Limited.
MCCI සමාගම විසින් ඉදිරිපත් කරන ලද මිල:
මෙම ප්‍රසම්පාදනය Single-Stage: Two-Envelope ක්‍රමය යටතේ සිදු කළ අතර, එහිදී මෙම විදේශීය සමාගම ඉදිරිපත් කර තිබූ තාක්ෂණික යෝජනාව ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලැබීමට අනුමත කර තිබූ නිර්ණායක සම්පූර්ණ කර නොතිබූ බැවින් ද, පිළිගත හැකි ලංසු බැඳුම්කරයක් ඉදිරිපත් කර නොතිබූ බැවින් ද එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සම්මුති සාකච්ඡා කමිටුව -CANC - විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව ප්‍රසම්පාදන මූලධර්මවලට යටත්ව එම සමාගම ඉදිරිපත් කළ මූල්‍ය යෝජනාව විවෘත නොකරන ලදී.
(iv) මෙම ප්‍රසම්පාදනය මූලධර්මවලට අනුකූලව සිදු කරන ලද අතර කිසිදු අක්‍රමිකතාවක් සිදු වී නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks