පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2205/’11
ගරු රවී කරුණානායක මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) රාජ්‍ය දැව සංස්ථාවට අදාළව, පසුගිය වර්ෂ පහක කාලය තුළ එක් එක් වර්ෂයේදී,
(i) යෙදවූ මුළු ප්‍රාග්ධනය හා සංචිත ප්‍රමාණය කොපමණද;
(ii) ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;
(iii) කාර්ය මණ්ඩලයේ මුළු සේවක සංඛ්‍යාව සහ එක් සේවකයකු වෙනුවෙන් දැරූ පිරිවැය සහ එක් සේවකයකුගෙන් ලැබූ ලාභය කොපමණද;
(iv) රජය වෙත ගෙවන ලද අඩු කිරීම් හෝ බදු ප්‍රමාණයන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පසුගිය වර්ෂ පහක කාලය තුළ රාජ්‍ය දැව සංස්ථාවට ලබාදුන් කවර හෝ මුදලක් කපාහරිනු ලැබුවේද;
(ii) එසේ නම්, එසේ කපා හරින ලද මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) එසේ කරන ලද්දේ කවර හේතුවක් නිසාද;
(iv) එය සිදු කළ දිනය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) පසුගිය වර්ෂ පහක කාලය තුළ එම මුදල් භාවිතා කරන ලද ආකාරයට වඩා කාර්යක්‍ෂම ලෙස රාජ්‍ය දැව සංස්ථාවට එම මුදල් පරිහරණය කළ හැකිව තිබුනේද;
(ii) එසේ නම්, එය කළ හැකි ආකාරය කවරේද;
(iii) එසේ කළ නොහැකි නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා)
(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - சுற்றாடல், புதுப்பிக்கத்தக்க சக்தி அமைச்சர்)
(The Hon. A.D. Susil Premajayantha - Minister of Environment and Renewable Energy)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
පිළිතුරු දුන් දිනය
2013-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks