පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1809/2023
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පෑලියගොඩ, විජය කුමාරණතුංග ක්‍රීඩාංගණය පෑලියගොඩ නගර සභාව විසින් පාලනය කරනු ලබන බවත්;
(ii) එම ක්‍රීඩාංගණයේ ආරක්ෂිත යකඩ ගේට්ටු පරණ යකඩවලට විකුණා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ නම් කවරේද;
(ii) ඔවුන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-09
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) පෑලියගොඩ විජය කුමාරණතුංග ක්‍රීඩාංගණය පෑලියගොඩ නගර සභාව විසින් පාලනය කරනු ලබන සභා දේපළකි.
(ii) ආරක්ෂිත යකඩ ගේට්ටු පරණ යකඩ සඳහා විකුණා නොමැත.
(ආ) (i) පෑලියගොඩ නගර සභාව විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, මෙතෙක් සැකකරුවන් හඳුනා ගෙන නොමැත.
(ii) අදාළ නොවේ.
(ඇ) මෙම ක්‍රීඩාංගණයේ ගේට්ටු කණු සහ ප්‍රේක්ෂකාගාරයේ අලුත්වැඩියා කටයුතු සඳහා 2021.12.10 දින හුණුපිටිය ශ්‍රී ජයන්ති ප්‍රජා මණ්ඩලය සමඟ සභාව ගිවිසුම්ගතව ඇති අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු 2022.01.10 දින ආරම්භ කර ඇත. අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පැවති 2022.01.12 දින ගේට්ටු පියන් අස්ථානගතව ඇති අතර, 2022.01.19 දින පෑලියගොඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති නමුත් මෙතෙක් සැකකරුවන් හඳුනා ගෙන නොමැත.
සිදු කරන ලද මූලික විමර්ශනය අනුව ශ්‍රී ජයන්ති ප්‍රජා මණ්ඩලය සමඟ එළඹි ගිවිසුමේ 18 වන වගන්තිය ප්‍රකාරව දේපළවල ප්‍රවේසම සහ ආරක්ෂාව කොන්ත්‍රාත්කරු සපුරාලිය යුතු නිසා ගේට්ටු පියන් දෙකෙහි සම්පූර්ණ අලාභය වන රුපියල් 250,000 සහ සියයට 25ක රජයේ ගාස්තුව වන රුපියල් 62,500 සමඟ මුළු මුදල වන රුපියල් 312,500ක මුදල ප්‍රජා මණ්ඩලයෙන් අය කර ගැනීමටත්, ගේට්ටු පියන් අලුතෙන් සෑදීමට වැය වන මුදල ඇස්තමේන්තු කර එම වටිනාකමෙන් ගේට්ටු පියන්වල තක්සේරුගත අලාභය අඩුකර අතිරේකව වැය වන මුදල එදින මුර රාජකාරියේ යෙදුන සේවක මහතාගෙන් අය කිරීමටත් නිර්දේශ වී ඇත.
අලාභය අය කර ගන්නා ලෙස 2023.04.24 දිනැතිව බස්නාහිර පළාත් පාලන කොමසාරිස් විසින් සභා ලේකම් වෙත මේ වන විට ලිඛිතව දන්වා ඇත. ඒ අනුව අදාළ අලාභය ශ්‍රී ජයන්ති ප්‍රජා මණ්ඩලයෙන් අය කර ගැනීමට කටයුතු කරනු ලබන අතර, අලාභය ගෙවීමට කටයුතු කරනු නොලැබුවහොත් ගිවිසුම් ප්‍රකාරව නීති මාර්ගයෙන් කටයුතු කර අලාභය අය කර ගැනීමට කටයුතු කරමි.
පිළිතුරු දුන් දිනය
2023-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks