01

E   |     |  

 දිනය: 2023-04-26   පිළිතුර ලබා දී ඇත 

1808/2023: කොටදෙණියාව ගම්මානයේ සිදු වන අපරාධ: පාලනය

1808/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,—  මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගම්පහ දිස්ත්‍රික්කයේ, කොටදෙණියාව ගම කේන්ද්‍ර කර ගනිමින් පසුගිය වර්ෂ  කිහිපයක සිට විවිධ අපරාධ ක්‍රියා සිදුවන බවත්;

             (ii)       මේ වනවිට එම ගම්මානයේ විවිධ අපරාධ ක්‍රියා සිදුවීම හේතුවෙන් එහි‍ වෙසෙන ජනතාව බියට පත් වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-26

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පොලිස් වසමක සාමාන්‍යයෙන් වාර්තා වන අපරාධ සංඛ්‍යාව අබිබවා විශේෂිත වූ අපරාධ වාර්තා වීමක් සිදු වී නැත.

              (ii)      නැත.

                        වර්තමානයේ අපරාධ වාර්තා වීමේ ප්‍රවණතාව අවම වීම හේතුවෙන් මහජනයා බියට පත්වන අපරාධ වාර්තා වී නොමැත.

(ආ)     පොලිස් වසමක නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට ලබා දී ඇති මානව සම්පත් හා භෞතික සම්පත් උපයෝගී කර ගනිමින් මහජනතාවට උපරිම සේවාවක් ලබාදීම සඳහා සියලු පොලිස් නිලධාරින් කටයුතු කරනු ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටිරාන් අලස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks