01

E   |     |  

 දිනය: 2023-08-10   පිළිතුර ලබා දී ඇත 

1803/2023: පානීය ජල ව්‍යාපෘති: මොනරාගල දිස්ත්‍රික්කය

1803/2023

ගරු කුමාරසිරි රත්නායක මහතා,—  ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ මේ වනවිට වැඩ ආරම්භ කර ඇති පානීය ජල ව්‍යාපෘති කවරේද;

             (ii)      එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් ව්‍යාපෘතියෙන් ආවරණය කරනු ලබන පවුල් ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම එක් එක් ජල ව්‍යාපෘතියේ මේ වනවිට අවසන් කර ඇති වැඩ ප්‍රමාණය  ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) එම එක් එක් ව්‍යාපෘතියේ වැඩ අවසන් කරනු ලබන දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-10

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජීවන් තොන්ඩමන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks