පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1797/2023
ගරු කුමාරසිරි රත්නායක මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දේශීය කර්මාන්ත දිරිගැන්වීමේ වැඩසටහන යටතේ බුත්තල කර්මාන්තපුරයේ ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රදාන ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම මූල්‍ය ප්‍රදාන ලබා දෙන ලද ව්‍යවසායකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම මූල්‍ය ප්‍රදානය ලබා දෙන ලද එක් එක් පුද්ගලයා/ආයතනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම එක් එක් පුද්ගලයා/ආයතනය සඳහා ලබා දෙන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මූල්‍ය ප්‍රදාන ලබා ගන්නා ලද සියලු ව්‍යවසායකයන් මේ වනවිට තම කර්මාන්ත ආරම්භ කර තිබේද;
(ii) එම කර්මාන්ත අතරින් විදේශීය වෙළඳපොළ සඳහා සිය නිෂ්පාදන අලෙවි කරනු ලබන කර්මාන්ත කවරේද;
(iii) 2022 පළමු කාර්තුව තුළ එම කර්මාන්තවලින් උපයා ගෙන ඇති විදේශ විනිමය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-22
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i). ලබා දී ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය යටතේ සංරචක 1 බුත්තල කර්මාන්තපුරයේ ව්‍යවසායකයන්හට අයදුම්පත්‍ර කැඳවීමෙන් පසු තෝරා ගත් සුදුසුකම්ලත් අයදුම්කරුවන්හට ගැළපුම් ප්‍රදාන ලබා දී ඇත.
(ii). 08යි.
(iii). ඇමුණුමෙහි දක්වා ඇත.
(iv). ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ ගැළපුම් ප්‍රදාන ලබා දීම සිදු කරනු ලබන්නේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය සැලකිල්ලට ගෙන වන අතර, ඒ මත පදනම් වූ වාරික 3කින් මුදල් ලබා දෙනු ලැබේ. ඔවුන් විසින් හිමිකම් කියනු ලබන ව්‍යාපෘති ආයෝජනයෙන් ගැළපුම් ප්‍රදානයෙන් සියයට 50ක් පළමු වාරිකය ලෙසද, සියයට 40ක් දෙවන වාරිකය ලෙසද ගෙවනු ලබන අතර, සියයට 10ක අවසාන වාරිකය ගෙවනු ලබන්නේ මුළු ආයෝජනයම ව්‍යවසායකයා විසින් සම්පූර්ණ කොට වාණිජමය නිෂ්පාදන ආරම්භ කළ පසුවය. ඉහත කී ව්‍යාපෘති 8න් ඖෂධ නිෂ්පාදනයට සම්බන්ධ එක් ව්‍යාපෘතියක් ඉදිකිරීම් අවසන් කොට, ඉතා සාර්ථක ලෙස වාණිජමය නිෂ්පාදන කටයුතු සිදුකර ගෙන යන අතර, එයට සම්බන්ධ නව රැකියා උත්පාදන 34ක් සහ එම ප්‍රදේශයෙන්ම අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් 2,000කට අධික සංඛ්‍යාවක් සෘජු ප්‍රතිලාභීන් ලෙස බිහිවී ඇත.
එයට අමතරව, කොහු නිෂ්පාදනය සම්බන්ධ තව එක් ව්‍යාපෘතියක් අවසාන අදියරට ළඟා වී ඇති අතර, මේ වන විටත් වාණිජමය නිෂ්පාදන ආරම්භ කර ඇත.
එසේම, පලතුරු නිෂ්පාදනයට සම්බන්ධ තවත් ව්‍යාපෘතියක් ගොඩනැඟිලි ඉදිකිරීම් සහ යන්ත්‍රෝපකරණ ස්ථාපිත කිරීම අවසන් කොට අති අතර, ඉතා නුදුරු දිනයකදීම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෑත කාලයදී ගිවිසුම් අත්සන් කරනු ලැබූ ඉතිරි ව්‍යාපාර 5 මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී.
(ii) ෂෙහානි දේශීය ඖෂධ පුද්ගලික සමාගම විදේශ වෙළෙඳ පොළට සිය නිෂ්පාදන ඉදිරිපත් කර ඇත.
(iii) කාල සීමාව උපයාගෙන ඇති විදේශ විනිමය
2022 පළමු කාර්තුව නැත
2022 අවසන් කාර්තුව ඩොලර් 2,700
2023 පළමු කාර්තුව ඩොලර් 3,500
2023 දෙවන කාර්තුව ඩොලර් 5,000 (අපේක්ෂිත ඇස්තමේන්තු)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks