පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2201/’11
ගරු රවී කරුණානායක මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂය තුළ මෙම අමාත්‍යාංශය විසින් කලුතර දිස්ත්‍රික්කය තුළ ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) 2012, 2013 සහ 2014 යන වර්ෂවලදී ඉදිකිරීමට අපේක්ෂා කෙරෙන නිවාස සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත සඳහන් නිවාස ඉදිකිරීම සඳහා වෙන්කළ මුදල් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම අලුතින් ඉදිකරනු ලැබූ නිවාස නොමිලේ ලබා දෙන්නේද;
(ii) නොඑසේ නම්, එම නිවාස අලෙවි කරනු හෝ කුලියට දෙනු ලබන්නේ කවර මිලකටද;
(iii) එම නිවාස ලබා දෙන පදනම කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-09
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිවාස සංඛ්‍යාව 1,218.
(ii) 2012 ඉදි කළ නිවාස - කළුතර දිස්ත්‍රික්කය
වර්ෂය නිවාස සංඛ්‍යාව
2012 1846
වර්ෂය නිවාස සංඛ්‍යාව
2013 3,145.
2014 4,370.
(iii) 2012-2014 ප්‍රතිපාදන- කළුතර දිස්ත්‍රික්කය
2012 වියදම් කළ ප්‍රතිපාදන - රුපියල් මිලියන 244,410
2013 යෝජිත ප්‍රතිපාදන - රුපියල් මිලියන709,125
2014 යෝජිත ප්‍රතිපාදන රුපියල් මිලියන 839,750
(ආ) (i) නැත.
(ii) අළෙවි කිරීමක් හෝ කුලියට දීමක් සිදු වන්නේ නැත.
(iii) නිවසක් ඉදි කර ගැනීමේ අවශ්‍යතාවක් ඇති, ඉඩමක් සහිත පුද්ගලයන් සඳහා නිවාස ආධාර හා නිවාස ණය මුදල් ලබා දීම මඟින් මෙම නිවාස සංවර්ධනය සිදු වී ඇත. එබැවින් වෙනත් පාර්ශ්වයකට අළෙවි කිරීමක් හෝ කුලියට දීමක් සිදු නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks