01

E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1761/2023: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව: බදු දී ඇති ඉඩම්

1761/2023

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු මේ වනතෙක් භාවිතයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය ‍කොපමණද;

             (ii)      එම දෙපාර්තමේන්තුව සතු එක් එක් දිස්ත්‍රික්කයෙහි පිහිටි ඉඩම් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යන්නේද;

(iii) දෙපාර්තමේන්තුවේ ඉඩම් මේ වනවිට බදු දී තිබේද;

(iv) එසේ නම්, බදු දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (v) එම ඉඩම් බදු දීමේදී නිවැරදි  ක්‍රමවේදයක් අනුගමනය කර තිබේද;

  (vi) එම ඉඩම් බදු දීම මඟින් වාර්ෂිකව උපයා ගනු ලබන බදු ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉඩම් හෙක්ටෙයාර 5,739.85ක ප්‍රමාණයක් පවතින අතර, ඉන් මේ වනතෙක් භාවිතයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය නිශ්චිතව දැක්වීමට අපහසුය. 

              (ii)      එවැනි ලේඛනයක් දැනට පවත්වා ගෙන නොයන නමුත්, ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කොට තිබෙනවා.

             (iii)      ඔව්, බොහෝ ඉඩම් බදු දී තිබෙනවා.

(iv) ඉඩම් අක්කර 1,520ක් පමණ බදු දී ඇත.

(v) මේ සඳහා පිළිතුර "ඔව්" කියලා තිබෙනවා. නමුත් මම ඒ පිළිබඳව සෑහීමට පත් වෙන්නේ නැහැ. මෙම ඉඩම් බදු දීමේ ක්‍රමවලදී විවිධ අයථා ක්‍රියා සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ඉතාම අඩු බදු ආදායමක් තමයි ලැබෙන්නේ.

 

(vi) බොහොම අමාරුවෙන් උත්සාහ කරලා 2022දී ආදායම මිලියන 182ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. මෙය කිසිසේත්ම ප්‍රමාණවත් බදු ආදායමක් නොවෙයි.

 

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks