පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1757/2023
ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මන්දපෝෂණය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-06
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ සහ කාන්තාවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින අතර ඒවා එක් එක් පළාත් අනුව නේ වෙන් වශයෙන් ඇමුණුම** මඟින් දක්වා ඇත.
(ii) මන්දපෝෂණය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර වන්නේ,
æ ළදරු ළමා වර්ධන තත්ත්වය ඇගැයීම හා ප්‍රවර්ධනය
æ මව් කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා,
æ ක්ෂුද්‍ර පෝෂක අතිරේක ලබා දීම යටතේ විටමින් ඒ අධි මාත්‍රාව, සින්ක් අතිරේකය, යකඩ අතිරේකය, ෆෝලික් අම්ල පෙති, විටමින් සී පෙති, කැල්සියම් පෙති, ඖෂධීය ආහාර (BP 100) හා ක්ෂ්ද්‍ර පෝෂක කුඩු පැකැට්ටු ලබා දීම සිදු කිරීම.
æ උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා පෝෂණ පුනරුත්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
æ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා අදාළ අනෙකුත් අංශ මඟින් අදාළ ප්‍රතිපත්තිමය ප්‍රකාශන හා මාර්ගෝපදේශ සකසා ක්‍රියාත්මක කිරීම.
æ රෝහල් හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ තාක්ෂණික දැනුම හා කුසලතා නඟා සිටුවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
æ සෑම අලුත උපන් දරුවකුටම ළදරු ළමා වර්ධන සටහන් පත් හා ගර්භිණී මව්වරුන් වෙනුවෙන් ගර්භිණී මව් සටහන් පත් ලබා දීම.
æ වර්ධන තත්ත්වය ඇගැයීම සඳහා අවශ්‍ය මිනුම් උපකරණ ක්ෂේත්‍ර නිලධාරින්ට, ක්ෂේත්‍ර සායන සහ රෝහල් සඳහා ලබා දීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-07-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks