පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1754/2023
ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට වාර්ෂිකව ආනයනය කරනු ලබන ප්ලාස්ටික් කොසු, ප්ලාස්ටික් ඉදල් හා පිරිසිදු කිරීමට යොදා ගනු ලබන ප්ලාස්ටික් බුරුසු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒවා ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කොහු ආශ්‍රිත භාණ්ඩ භාවිතය දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) කොහු ආශ්‍රිත භාණ්ඩ සඳහා වන ආදේශක භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-21
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකාව වෙත වාර්ෂිකව ආනයනය කරනු ලබන උක්ත භාණ්ඩ ප්‍රමාණයන් සම්බන්ධයෙන් පවතිනුයේ එක් HS කේතයන් (HS CODE : 96039090) බැවින් වෙන් වෙන් වශයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැත.
ඒ අනුව 2020, 2021, 2022 වසරවල HS කේතය යටතේ රටවල් ගණනාවකින් ආනයනය කරන ලද භාණ්ඩ ප්‍රමාණයන් පහත පරිදි වේ. මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සවිස්තරාත්මක වාර්තාව ඇමුණුම** මඟින් ඉදිරිපත් කර ඇත.
|
වර්ෂය |
ප්‍රමාණය |
|
2020 |
159,557 |
|
2021 |
54,074 |
|
2022 |
53,461 |
(දත්ත: රේගු දෙපාර්තමේන්තුව)
(ii) ඒ සඳහා වාර්ෂිකව වැය කර ඇති මුදල පහත පරිදි වේ. මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සවිස්තරාත්මක වාර්තාව ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත.
|
වර්ෂය |
මුදල (රුපියල් මිලියන) |
|
2020 |
28.0 |
|
2021 |
22.8 |
|
2022 |
35.4 |
(දත්ත: රේගු දෙපාර්තමේන්තුව)
(ආ) (i) අදාළ දිරිගැන්වීම හා ප්‍රවර්ධන කටයුතු සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.
කොහු ආශ්‍රිත භාණ්ඩවල ප්‍රමිතිය නඟා සිටුවීම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය, තාක්ෂණික වැඩමුළු මඟින් ඒ සඳහා අවශ්‍ය දැනුම, උපකරණ සහ මෙවලම් ලබා දීම.
2022 වර්ෂය තුළදී කොහු ආශ්‍රිත නිෂ්පාදන අමු ද්‍රව්‍ය ලබා දෙන ආයතන 249ක් හා නිෂ්පාදන ආයතන 251ක් පොල් සංවර්ධන අධිකාරිය තුළ ලියා පදිංචි කර ඇත.
අඩු පොලී අනුපාතිකයන් යටතේ ණය ලබා දීම සඳහා "කප්රුක ජය ඉසුර" නමින් ණය යෝජනා ක්‍රමයක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ක්‍රියාත්මක කර ඇත. (ප්‍රතිලාභීන් හා ණය මුදල් ප්‍රමාණය පිළිබඳ විස්තර පහත වගුව මඟින් දැක්වේ.)
ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ජාතික වැඩසටහන යටතේ ලබා දුන් මුදලින් රුපියල් මිලියන 10ක් කොහු කර්මාන්තය සංවර්ධනය සඳහා යොදාගෙන ඇත. ඒ හරහා 2022 වර්ෂය තුළ දී පමණක් ඍජු රැකියා අවස්ථා 511ක් පමණ බිහි වී ඇත.
(ii) නැත.
(ඇ) දේශීය කොහු ආශ්‍රිත කර්මාන්තයට සහ කොහු ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳ පොළ වෙත වාර්ෂිකව සුළු වශයෙන් ආනයනය කරනු ලබන ආදේශක භාණ්ඩ හරහා අහිතකර බලපෑමක් සිදුව නොමැති බව නිරීක්ෂණය වන බැවින්.
පිළිතුරු දුන් දිනය
2023-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks