පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2199/’11
ගරු රවී කරුණානායක මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය වර්ෂ හතරක කාලය තුළ, එක් එක් වර්ෂයේදී සී/ස මිල්කෝ පුද්ගලික සමාගම,
(i) ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;
(ii) සේවයේ යොදවා ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව; එක් සේවකයකුගෙන් ලැබූ ලාභය සහ එක් සේවකයකු සඳහා දරන ලද පිරිවැය කොපමණද;
(iii) රජයට ගෙවූ තීරුබදු සහ බදු ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) සී/ස මිල්කෝ සමාගම තුළ මේ දක්වා යොදවන ලද ගෙවා නිමි ප්‍රාග්ධන සහ සංචිත කවරේද;
(ii) එම ආයතනයට ලබා දෙන පොහොර සහනාධාරය සඳහා කරන ලද වියදම් රජය විසින් ප්‍රතිපූරණය කර ගන්නා ආකාරය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-10-25
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා (පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு எச். ஆர். மித்ரபால - கால்நடைவளர்ப்பு, கிராமிய சனசமூக அபிவிருத்தி பிரதி அமைச்சர்)
(The Hon. H.R. Mithrapala - Deputy Minister of Livestock and Rural Community Development)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i)
|
වර්ෂය |
2007/2008 |
2008/2009 |
2009/2010 |
2010/2011 |
|
ලාභය/අලාභය |
රුපියල් 104,267,604/- ලාභය |
රුපියල් 332,156,255/- ලාභය |
රුපියල් 300,749,590/- ලාභය |
රුපියල් 83,191,550/-* ලාභය |
*කිරි මිල රුපියල් 27 සිට රුපියල් 50 දක්වා වැඩි කළද පාරිභෝගිකයන්ට සහනයක් දීම සඳහා හයිලයිඩ් නිෂ්පාදන මිල වැඩි කළේ නැත. එම හේතුවෙන් විශාල පාඩුවක් ආයතනයට දැරීමට සිදු විය.
(ii) සේවයේ යොදවා ඇති කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව
|
වර්ෂය |
2007/2008 |
2008/2009 |
2009/2010 |
2010/2011 |
|
සේවක සංඛ්‍යාව |
1483 |
1490 |
1523 |
1460 |
*එක් සේවකයෙකුගෙන් ලැබූ ලාභය
|
වර්ෂය |
2007/2008 |
2008/2009 |
2009/2010 |
2010/2011 |
|
ලාභය/අලාභය |
රුපියල් 70,309 /- ලාභය |
රුපියල් 222,924 /- ලාභය |
රුපියල් 197,472/- ලාභය |
රුපියල් 56,981/ - ලාභය |
*එක් සේවකයෙකු සඳහා දරන ලද පිරිවැය
|
වර්ෂය |
2007/2008 |
2008/2009 |
2009/2010 |
2010/2011 |
|
පිරිවැය |
රුපියල් 374,713/- |
රුපියල් 434,228/- |
රුපියල් 441,891/- |
රුපියල් 453,425/- |
(iii) රජයට ගෙවූ තීරු බදු
|
වර්ෂය |
2007/2008 |
2008/2009 |
2009/2010 |
2010/2011 |
|
තීරු බදු |
රුපියල් 9,635,008/- |
රුපියල් 4,951,756/- |
රුපියල් 14,318,789/- |
රුපියල් 10,410,370/- |
රජයට ගෙවූ බදු
|
වර්ෂය |
2007/2008 |
2008/2009 |
2009/2010 |
2010/2011 |
|
ආදායම් බදු (මුදල් ප්‍රවාහය අනුව) |
රුපියල් 5,106,504/- |
රුපියල් 19,580,847/- |
රුපියල් 37,975,136/- |
රුපියල් 27,471,930/- |
|
ජාතිය ගොඩනැඟීමේ බද්ද |
රුපියල් 109,643,251/- |
රුපියල් 6,316,251/- |
රුපියල් 120,382,584/- |
රුපියල් 130,916,907/- |
|
ආර්ථික සේවා ගාස්තුව |
රුපියල් 8,379,461/- |
රුපියල් 10,919,880/- |
රුපියල් 13,265,008/- |
රුපියල් 12,015,317/- |
(ආ) (i) *සී/ස මිල්කෝ පුද්ගලික සමාගම තුළ මේ දක්වා
ගෙවා නිමි ප්‍රාග්ධනය - රු. 319,454,060/=
ප්‍රාග්ධන සංචිත - රු. 25,000,000/=
ප්‍රත්‍යාගණිත සංචිත - රු. 336,454,462/=
(ii) මිල්කෝ සමාගමට පොහොර සහනාධාර නොලැබේ. එම නිසා ප්‍රතිපූරණයක්ද නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-10-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks