පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1715/2023
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2008.11.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට හා රජයේ ආයතන සඳහා දීමනා ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2009.05.26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි කාර්ය මණ්ඩලයට වරින්වර දීමනා ගෙවා තිබෙන බව දන්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(iii) වර්ෂ 2020 සිට මේ දක්වා ගෙවා ඇති දීමනා මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-18
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2006.09.22 දිනැතිව නිකුත් කරනු ලැබූ කළමනාකරන සේවා චක්‍රලේඛ අංක 30 මඟින් 2006.01.01 දින සිට රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා නව වැටුප් පරිමාණ හඳුන්වා දෙන ලදී. එම වැටුප් පරිමාණ අදාළ විය යුතු ආයතන ලැයිස්තුව එම චක්‍රලේඛය මඟින්ම ඉදිරිපත් කර ඇත. තවද, කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 30 මඟින් ආවරණය වන ආයතන එම චක්‍රලේඛයේ විධිවිධාන නොසලකමින් වෙනත් වැටුප් හා දීමනා ලබාදීම නිවැරැදි කිරීම සඳහා කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 39 නිකුත් කර ඇත.
නමුත් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 30හි විධිවිධාන ආවරණය නොවූ එහෙත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සාමුහික ගිවිසුම් මත වැටුප් තීරණය කළ ආයතන සඳහා ඉහත අංක 30 හා 39 දරන චක්‍රලේඛ අදාළ නොවීය.
ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් සඳහා වැටුප් හා ඇතැම් දීමනා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය මත එළඹි සාමූහික ගිවිසුම්හි එකඟතාවන් යටතේ ගෙවනු ලබයි. ඊට අමතරව සේවකයන්ගේ සේවා තත්ත්වය සලකා බලමින් ඒ ඒ සේවක කාණ්ඩ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත යම් යම් දීමනා ලබා දීමක් සිදු කර ඇති අතර ඇතැම් දීමනා ගෙවීම අත්හිටුවීමක්ද සිදු කර ඇත.
(ii) තවද, එම දීමනා ගෙවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශය ලබා දීමට කමිටුවක් පත් කර ඇති අතර එහි කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. එම කමිටු වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(iii) ලංකා විදුලිබල මණ්ඩලය විසින් වර්ෂ 2020 සිට මේ දක්වා ගෙවා ඇති දීමනා එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහතින් දක්වා ඇත.
|
විස්තරය |
2023 මැයි මස දක්වා |
2022 |
2021 |
2020 |
එකතුව (රුපියල් මිලියන) |
|
දීමනා මුදල |
1,090 |
2,824 |
3,153 |
2,007 |
9,074 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks