01

E   |     |  

 දිනය: 2023-08-10   පිළිතුර ලබා දී ඇත 

1679/2023: Appointment of separate Electrical Engineer for Mannar and Mullaitivu Districts

1679/2023

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවන් පත්කර නොමැතිවීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයකට පත් වී ඇති බව දන්නේද;

             (ii)      ඉහත දිස්ත්‍රික්ක සඳහා විදුලි ඉංජිනේරුවරුන් පත් කිරීමට පියවර ගන්නේද;

(iii) එම ඉංජිනේරුවන්ට අවශ්‍ය භෞතික සම්පත් ලබාදීමට පියවර ගන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මන්නාරම සුළං විදුලි බලාගාර‍ය විවෘත කිරීමේ අවස්ථාවේදී, එහි  රැකියා ලබා දීමේදී, මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන්ට ප්‍රමුඛතාව ලබා දෙන බවට එවකට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ නමුත් මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචි කිසිදු පුද්ගලයකුට මේ දක්වා රැකියා ලබා දී නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, එම දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන්ට ඉහත බලාගාරයේ රැකියා ලබාදීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-10

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks