පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1678/2023
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා වී, බඩඉරිඟු, මිරිස්, ලොකු ලූනු, සෝයා සහ අර්තාපල් යන බෝග සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක් ලබා දෙන අතර ආපදා තත්ත්වයන් හේතුවෙන් එම බෝග විනාශ වන අවස්ථාවලදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රක්ෂණ වන්දි ලබා දෙනු ලබන බවත්;
(ii) එහෙත්, උඳු සහ රට කජු වැනි බෝග සඳහා එලෙස රක්ෂණ ආවරණයක් ලබා නොදීම හේතුවෙන් එම බෝග වගා කරනු ලබන ගොවීන් ආපදා තත්ත්වවලදී දැඩි දුෂ්කරතාවයකට පත් වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, උඳු සහ රට කජු වගා සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-05
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i), (ii) ඔව්.
(ආ) කෘෂි රක්ෂණයෙන් ආවරණය නොවූ ඉහත භෝග සඳහා ගොවීන්ට නොමිලේ රක්ෂණ සහන සැලසීම නිර්දේශ කර 2023 අය වැය යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එම යෝජනාව අනුමත කර ගැනීමට නොහැකි විය. එබැවින්, 2024 අය වැය යෝජනා සඳහා ද එම යෝජනාවලිය නැවත ඉදිරිපත් කර, උක්ත භෝගවලට ද උපරිමය අක්කර 2.5ක් සඳහා නියඟය, ගංවතුර හා වන අලින් සිදු කරන වගා හානි වෙනුවෙන් අක්කරයකට උපරිමය රුපියල් 40,000ක් වන පරිදි ගොවීන්ට වන්දි ගෙවීමටත්, ඒ සඳහා අදාළ රක්ෂණ වාරිකය රජයෙන් දැරීමටත් අපේක්ෂා කෙරේ.
එනමුත්, මේ වනවිට රටකජු හා උඳු යන බෝග සඳහා ගොවි දායක රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන අතර, වාර මුදල් මඟින් එම රක්ෂණ යෝජනා ක්‍රම සඳහා ගොවීන්ට දායක විය හැකිය.
|
භෝගය |
රක්ෂණ ආවරණය (අක්කරයකට උපරිමය) |
එක් කන්නයක් සඳහා අක්කරයකට වාරික මුදල (රක්ෂණ මුදලින් 7%) |
|
රටකජු |
රු. 75,000 |
රු. 5,250 |
|
උඳු |
රු. 30,000 |
රු. 2,100 |
• මෙම රක්ෂණ වාරිකය වගාව ආරම්භ කිරීමට පෙර වගාකරු විසින් ගෙවිය යුතු ය.
• මෙමඟින් සියලු ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි උවදුරු හා වන අලින් සිදු කරන වගා හානි ආවරණය කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks