පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1675/2023
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත කර ඇති රැඳවියන් වර්ග කර ඇති ආකාරය කවරේද;
(ii) එම එක් එක් වර්ගයේ රැඳවියන් සඳහා ලබා දෙනු ලබන ආහාර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මේ වනවිට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා තබා ගත හැකි රැඳවියන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම සංඛ්‍යාව ඉක්මවා මේ වනවිට රඳවා තබා සිටින රැඳවියන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) බන්ධනාගාර ආඥාපනතේ අංක 177 හා බන්ධනාගාර නිත්‍ය නියෝග අංක 401 යටතේ සිරකරු වර්ගීකරණය සම්බන්ධයෙන් දක්වා ඇත. ඒ අනුව ඇමුණුම අංක 01හි සඳහන් පරිදි සිරකරුවන් වර්ගීකරණය කර ඇත.
ගරු කථානායකතුමනි, ඇමුණුම 01හි බන්ධනාගාරගත රැඳවියන් පිරිමි සහ කාන්තා හැටියට වර්ගීකරණය කර තිබෙනවා. ඉන් අනතුරුව පිරිමි සහ කාන්තා රැඳවියන් දඬුවම්ලත් සහ දඬුවම් නොලත් වශයෙනුත්, ඉන් අනතුරුව මරණීය දණ්ඩනය, ජීවිතාන්තය දක්වා, දීර්ඝ කාලීන සිර දඬුවම්, කෙටි කාලීන සිර දඬුවම්, සිවිල් සිර දඬුවම්, අභියාචනා සිර දඬුවම්, ඒ වාගේම තරුණ වරදකරුවන් සහ බාලවයස්කාර කියන වර්ගීකරණයට ලක් වෙනවා.
(ii) බන්ධනාගාර ආඥාපනතේ අංක 222 හා බන්ධනාගාර නිත්‍ය නියෝග අංක 511 සිට 548 යටතේ බන්ධනාගාරගත එක් එක් රැඳවියන් සඳහා ලබා දෙනු ලබන ආහාර පිළිබඳව සඳහන් කර ඇත. එය ඇමුණුම අංක 02හි දක්වා ඇත.
ඇමුණුම් 01 හා 02 සභාගත* කරමි.
(iii) දැනට ශ්‍රී ලංකාවේ පවතින බන්ධනාගාරවල රඳවා තැබීමට හැකි අනුමත රැඳවියන් සංඛ්‍යාව 11,290යි.
(iv) ඔව්.
2023.05.12වන දිනට රඳවා සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 25,899යි. ඒ අනුව, උක්ත (iii)හි සඳහන් සංඛ්‍යාව ඉක්මවා මේ වන විට රඳවා තබා සිටින රැඳවියන් සංඛ්‍යාව 14,609යි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks