02

E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1674/2023: Murungan Base Hospital in Mannar District

1674/2023

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— සෞඛ්‍ය  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මන්නාරම් දිස්ත්‍රික්කයේ, මුරුංගන් රෝහල 2018 වර්ෂයේදී මූලික රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කරන ලද නමුත්, මේ දක්වා ඊට සරිලන පරිදි එම රෝහලට අවශ්‍ය පහසුකම් සපයා නොමැති බව දන්නේද;

(ii) වෛද්‍යවරු ඇතුළුව එම රෝහල සඳහා අනුමත  සේවක සංඛ්‍යාව සහ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත රෝහලේ මෘත ශරීරාගාරයක් නොමැති වීම හේතුවෙන් මෘත ශරීර මන්නාරම මහ රෝහල වෙතට රැගෙන යාමට සිදු වීමෙන් මහජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව දන්නේද;

(ii) එසේ නම්, මුරුංගන් රෝහල සඳහා මෘත ශරීරාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;

(iii) මුරුංගන් රෝහලේ සංවර්ධන කටයුතු ආරම්හ කරනු ලබන දින වකවානු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks