01

E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1642/2023: දියර කිරි නිෂ්පාදනය සහ කිරිපිටි ආනයනය: විස්තර

1642/2023

ගරු මිලාන් ජයතිලක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින  කිරි ගවයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන දියර කිරි ලීටර් ප්‍රමාණය කොපමණද;

            (iii)       ශ්‍රී ලංකාවට දියර කිරි ආනයනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති  කිරිපිටි ප්‍රමාණය සහ ඒ සඳහා වැය කර ඇති මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)     

                                                         ශ්‍රී ලංකාවේ ගව ගහනය            

ගව වර්ගය

සංඛ්‍යාව

එළ ගවයින්

1,612,714

මී ගවයින්

476,050

එකතුව

2,088,764

මූලාශ්‍රය : පශු සම්පත් සංඛ්‍යානමය දත්ත ප්‍රකාශනය - 2022 (සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව)

         (ii)      2022 වසර තුළ නිෂ්පාදනය කරනු ලැබූ දියර කිරි ප්‍රමාණය ලීටර මිලියන 380කි.

මූලාශ්‍රය : වාර්ෂික වාර්තාව - 2022 (සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව)

(iii) නැත.

(ආ)

          2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති කිරිපිටි ප්‍රමාණය සහ ඒ සඳහා වැය කර ඇති මුදල

වර්ෂය

ආනයනය කළ කිරිපිටි ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)

වැය වූ මුදල (රුපියල් බිලියන)

2019

94,160.28

52.55

2020

97,575.51

58.70

2021

83,313.77

59.31

2022

49,742.70

63.69

2023

(ජුනි මාසය දක්වා)

31,125.02

40.88

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks