01

E   |     |  

 දිනය: 2023-08-10   පිළිතුර ලබා දී ඇත 

1639/2023: Details of Pinnawala Elephant Orphanage

1639/2023

ගරු මිලාන් ජයතිලක මහතා,—  වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      පින්නවල අලි අනාථාගාරයේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු කවරේද;

             (ii)      එම සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත දිනය කවරේද;

           (iii)      සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා එම ආයතනයේ වෙබ් අඩවිය යාවත්කාලීන කරන්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා එම අලි අනාථාගාරය නැරඹීමට පැමිණි දේශීය හා විදේශීය සංචාරකයන් සංඛ්‍යාව;

(ii) ඉහත කාලය තුළදී එහි ආදායම;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-10

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks