01

E   |     |  

 දිනය: 2023-03-21   පිළිතුර ලබා දී ඇත 

1629/2023: Steps taken to uplift Pineapple farmers

1629/2023

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ අන්නාසි වගාකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින බවත්;

             (ii)       අන්නාසි අපනයනය කිරීමෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගනු ලබන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ අන්නාසි  සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ හිමි ස්ථානය කවරේද;

(ii) අන්නාසි වගාකරුවන් දිරිගැන්වීම සදහා ගනු ලබන පියවර කවරේද;

(iii) අන්නාසි වගාව ව්‍යාප්ත කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-21

අසන ලද්දේ

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks