බලන්න

E   |     |  

 දිනය: 2023-07-05   පිළිතුර ලබා දී ඇත 

1618/2023: අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය: ක්‍රියාත්මක කිරීම

1618/2023

ගරු තිස්ස අත්තනායක මහතා,—  පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2020  වර්ෂයේදී පරිසර අමාත්‍යාංශය විසින් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඒ යටතේ වගකීම් පැවරෙන ආයතන හඳුනාගෙන ඇති බවත්;

             (ii)      එසේ වුවද, 2022 වර්ෂය වන තෙක් එයට අදාළ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොමැති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මේ වනවිට සකස් කර තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රියාකාරී සැලස්ම කවරේද;

(iii) නොඑසේ නම්, එය සකස් කරනු ලබන දිනය ක‍වරේද;

(iv) ඉහත ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇති විය හැකි ගැටලු හඳුනාගෙන තිබේද;

(v) එසේ නම්, එම ගැටලු විසඳා ගැනීම සඳහා සකස් කර ඇති ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-05

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නසීර් අහමඩ් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks