පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1617/2023
ගරු තිස්ස අත්තනායක මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රජයට පවරා ගන්නා ලද ඉඩම් ප්‍රමාණය හෙක්ටයාරවලින් කොපමණද;
(ii) එම ඉඩම් වෙනුවෙන් ගෙවිය යුතු මුළු වන්දි මුදල කොපමණද;
(iii) එම වන්දි වෙනුවෙන් පොළී මුදලක් ගෙවීමට සිදු වූයේ නම්, ඊට හේතු කවරේද;
(iv) වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් රු. 4,620,420/= ක පොළී මුදලක් වැඩිපුර ගෙවීමට හේතු කවරේද;
(v) වැඩිපුර ගෙවන ලද එම පොළී මුදල, නැවත අයකර ගැනීමට පියවර ගෙන තිබේද;
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-20
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) හෙක්ටෙයාර 800
(ඌව පරණගම, වැලිමඩ, හාලිඇල, වැල්ලවාය)
(ii) • අත්කර ගන්නා ලද ඉඩම්වලින් වන්දි ගෙවීම සඳහා සුදුසු යැයි හඳුනාගෙන ඇති බිම් කට්ටි සංඛ්‍යාව - 1,786
• මෙම කට්ටි සියල්ලම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු මුදල දන්වනතුරු ගෙවිය යුතු මුළු වන්දි මුදල ගණනය කළ නොහැකිය.
• තක්සේරුව ලැබී ඇති මෙතෙක් වන්දි ගෙවා ඇති ඉඩම් කැබලි ගණන - 1,586
• ගෙවා ඇති වන්දි මුදල රු. 1,327,458,257.93කි.
• තවදුරටත් වන්දි ගෙවීමට ඇති කට්ටි ගණන - 200
• මෙතෙක් වන්දි මුදල් ගෙවා ඇති මුදලට සාපේක්ෂව ඉහත කට්ටි 200 සඳහා වැය වෙතැයි අනුමාන කරන වන්දි මුදල රු. 169,318,655.34කි.
(iii) • ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ හදිසි අවශ්‍යතාවක් මත 38(අ) අතුරු විධානය යටතේ කඩිනමින් භුක්තිය භාර ගැනීමට ප්‍රතිපාදන සැලසී ඇත. ඊට අදාළ ඉඩම් නියෝග 263හි ඡායා පිටපත මේ සමඟ අමුණා ඇත. (ඇමුණුම-01**)
• 38 (අ) වගන්තිය යටතේ හදිසි අවශ්‍යතා සඳහා කඩිනමින් භුක්තිය භාර ගන්නා ලද ඉඩම්වලට වාර්ෂිකව සියයට 7ක පොලියක් ගෙවිය යුතු වේ. ඊට අදාළ ඉඩම් නියෝග 261(4)හි ඡායා පිටපත මේ සමඟ අමුණා ඇත. (ඇමුණුම - 02**)
• 38(අ) වගන්තිය යටතේ කඩිනමින් භුක්තිය භාර ගත් ඉඩම් සඳහා ද පනතේ 6, 7, 9, 10 යටතේ කටයුතු කර තක්සේරු දෙපාර්තමේන්තුවට යවා තක්සේරු මුදල ලබාගෙන මුදල් ප්‍රතිපාදන ද වෙන් කරගෙන ඉඩම් හිමියාට වන්දි මුදල් ලබා දීමට කාලයක් ගත වේ. පොලී ගෙවීමට අදාළ නියෝගය අනුව 38(අ) වගන්තිය ගැසට් කරන ලද දිනයේ සිට වන්දි මුදල ගෙවන ලද දිනය දක්වා කාලයට අදාළව සියයට 7ක පොලියක් ගෙවිය යුතු වේ.
(iv) • ඉඩම් අත්කර ගැනීමේ පනතේ අත්කර ගන්නා ලද ඉඩම් වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් සඳහා පොලිය ගෙවිය යුතු බවට සඳහන්ව ඇතත්, මෙම පොලී ගෙවීම කුමන ආකාරයේ තක්සේරුවක් වෙනුවෙන් ගෙවිය යුතුද යන්න (ව්‍යවස්ථාපිත පිරිවැය, සංවර්ධන වටිනාකම, අතිරේක දීමනාව, ප්‍රතිස්ථාපන පිරිවැය) විස්තර කර නොමැත.
• එසේ නොමැතිව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් හෝ උපදෙස් ලිපියක් මෙම වන්දි මුදල් වෙනුවෙන් ලබා දෙන පොලී මුදල් ගෙවීම සිදු වූ කාලයට පෙර නිකුත් වී නොමැත.
• අලිකොට ආර ජලාශය වෙනුවෙන් අත්කර ගන්නා ලද සියලු ඉඩම් සඳහා 2015 වර්ෂයේදී වන්දි මුදලට අදාළව පොලී මුදල් ගණනය කර, ගෙවීම් කටයුතු සිදු කර අවසන් කර ඇත.
• එම කාලය තුළ විවිධ කාර්යාල විසින් විවිධ ක්‍රමයන් අනුගමනය කරමින් මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කර ඇති බැවින් හා වන්දි මුදලට අදාළ පොලී මුදල් ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඉඩම් අමාත්‍යාංශය විසින් 4-3/1/65 හා 2016.09.05 දිනැතිව 03/2016 අංක දරන චක්‍රලේඛයක් නිකුත් කර මේ සම්බන්ධයෙන් පැහැදිලි උපදේශයක් ලබා දී ඇත. (ඇමුණුම - 03**)
• එම චක්‍රලේඛය නිකුත් වූ දින වන විට අලිකොට ආර ජලාශය සඳහා අත්කර ගන්නා ලද ඉඩම් වෙනුවෙන් අදාළ වන්දි මුදල්, පොලී මුදල් ගෙවා අවසන් කර ඇත.
• 2016.09.05 දිනෙන් පසු ගෙවීම් කරන ලද වන්දි මුදලට අදාළ පොලී මුදල් ගෙවීමේදී ඒ සම්බන්ධයෙන් 03/2016 චක්‍රලේඛය පරිදි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් විසින් කටයුතු කර ඇත.
(v) අයකර ගැනීමක් සිදු කර නොමැත.
(vi) අත්කර ගත් ඉඩම් වෙනුවෙන් ලබා දෙන ලද පොලී මුදලේ වැඩිපුර ගෙවීම් සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම් සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් යොමු කර තිබූ විගණන විමසුම් සඳහා 2018 වර්ෂයේදී පිළිතුරු ලබා දී ඇති අතර, අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වී ඇත්තේ, ගැටලු නිරීක්ෂණය වීමෙන් අනතුරුව වන බැවින්, එතෙක් ගෙවා අවසන් කර තිබූ මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කර නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks