පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1616/2023
ගරු තිස්ස අත්තනායක මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1996 දී අංක 947/13 දරන ගැසට් පත්‍රය මඟින් අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මුතුරාජවෙල අභයභූමියේ මායිම් මේ දක්වා සලකුණු කර නොමැති නම්, ඊට හේතු කවරේද;
(ii) ඉහත අභයභූමිය තුළ පවතින රජයේ හා පුද්ගලික ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට මේ දක්වා ක්‍රියා කර නොමැති නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රජයේ සිතියම් අනුව හඳුනාගෙන ඇති සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන ඇති ඉහත අභයභූමියට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාරවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) රජයේ සිතියම් අනුව හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අතර පරස්පරතාවයක් ඇති වීමට හේතු කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-24
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
* අදාළ මායිම් සලකුණු කිරීමේදී උද්ගත වූ මහජන විරෝධතා සහ නිලධාරින්ට උද්ගත වූ ජීවිත තර්ජන.
* මායිම් සලකුණු කිරීමට එරෙහිව අභය භූමි සීමාවේ සිටින පදිංචිකරුවන් විසින් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග.
* අභය භූමියේ පවතින වගුරු සහිත ස්ථාන කරා මායිම් කණු ප්‍රවාහනය කිරීමේදී මතු වූ දුෂ්කරතා.
* වගුරු සහිත ස්ථානවල මායිම් කණු සිටුවීමේ පවතින අපහසුතා.
(ii)
* අභය භූමිය තුළ පවතින පෞද්ගලික හා රජයේ ඉඩම් හඳුනා ගැනීමට ක්‍රියා කර ඇත.
* ඒ අනුව 2019 වසරේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව යම් ප්‍රමාණයක් රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනා ගෙන ඇති අතර, මායිම් සලකුණු කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ මහජන විරෝධතා සහ මායිම් සලකුණු කිරීමට එරෙහිව ගනු ලැබූ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් සෙසු ඉඩම් ප්‍රමාණ හඳුනා ගෙන නැත.
(ආ) (i) මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවේ.
(ii) මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks