E   |     |  

 දිනය: 2023-05-23   පිළිතුර ලබා දී ඇත 

1615/2023: "පරිසර මාවත" ව්‍යාපෘතිය: විස්තර

1615/2023

ගරු තිස්ස අත්තනායක මහතා,—  පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       “පරිසර මාවත ව්‍යාපෘතිය” යටතේ, තෝරාගත් පළාත් සඳහා පරිසර මාවත ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් 2018 වර්ෂයේදී රුපියල් මිලියන 5ක ප්‍රතිපාදන එවකට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නිදහස් කර ඇති නමුත්, එම ප්‍රතිපාදනයෙන් රු.20,000/=ක්  පමණක් වැය කිරීමට හේතු කවරේද;

(ii) 2021 වර්ෂයේදී පරිසර මාවත් 100ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබූ නමුත් පරිසර මාවත සම්බන්ධයෙන් අර්ථ දැක්වීමක් හා නිර්ණායක හඳුන්වාදීමක් සිදු නොකිරීමට හේතු කවරේද;

(iii) පරිසර අමාත්‍යාංශයේ 2021 වර්ෂයට අදාළ කාර්ය සැලසුමේ පරිසර මාවත ව්‍යාපෘතිය අන්තර්ගත නොකිරීමට හේතු කවරේද;

(iv) පරිසර මාවත ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමකින් තොරව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-23

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2023-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks