පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2185/’11
ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමට අදාළව පසුගිය වර්ෂ පහක කාලය තුළ, එක් එක් වර්ෂයේදී,
(i) උපයෝජිත සමස්ත ප්‍රාග්ධනය සහ සංචිත ප්‍රමාණය කොපමණද;
(ii) ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;
(iii) සමස්ත කාර්ය මණ්ඩලය සඳහා දරන ලද පිරිවැය සහ එක් සේවකයකුගෙන් ඉපැයූ ලාභය කොපමණද;
(iv) එක් මගියකු වෙනුවෙන් දැරූ පිරිවැය කොපමණද;
(v) රජය වෙත ගෙවනු ලැබූ තීරු බදු හෝ අනෙකුත් බදු ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ලබාදී ඇති ප්‍රාග්ධනය, මුදල්, ණය සහ ඇපකර කවරේද;
(ii) ඒවා පිළිබඳ විස්තර කවරේද;
(iii) ඒවා ලබාදී ඇත්තේ කවර කාර්යයන් සඳහාද;
යන්න එතුමා තවදුරටත් සඳහන් කරන්නෙහිද?
(ඇ) සීමාසහිත ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් මෙතෙක් ගෙවා නොමැති සමස්ත ණය ප්‍රමාණය කොපමණදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-09-18
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගීතාංජන ගුණවර්ධන මහතා
(மாண்புமிகு கீதாஞ்ஜன குணவர்தன )
(The Hon. Gitanjana Gunawardena)
ගරු කථානායකතුමනි, සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා වෙනුවෙන් මම ඒ ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
පිළිතුරු දුන් දිනය
2013-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks