පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1578/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ වනවිට මිනීමැරුම් ඇතුළු බරපතල ගණයේ අපරාධ සිදු කරනු ලබන බව පිළිගන්නේද;
(ii) ඒවා මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සතුව විධිමත් වැඩපිළිවෙළක් තිබේද;
(iii) ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් සිදු කරනු ලබන නිවාස මංකොල්ලකෑම්වලට අදාළ විමර්ශන කඩිනමින් සිදු නොකරන බව දන්නේද;
(iv) පෙර පැවති ආරක්ෂක කමිටු සක්‍රියව පවත්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(v) සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සහ ඒ ආශ්‍රිත මිනිස් ඝාතන වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-06
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) පිළිනොගනිමි.
නිවාස මංකොල්ලකෑම්වලට අදාළව කොට්ඨාස අපරාධ අංශ පිහිටුවමින්, තාක්ෂණික සහාය ලබා ගනිමින් හා බුද්ධි තොරතුරු ලබා ගනිමින් විශේෂ අවධානයක් යොමු කර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
(iv) ඔව්.
දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 14,022ක මහජන ආරක්ෂක කමිටු 14,192ක් පිහිටුවා එම ග්‍රාම නිලධාරි වසම් ඒකක 5,399ක් ලෙස වෙන් කර එම ඒකක සඳහා පොලිස් නිලධාරින් 5,625ක් මහජන ආරක්ෂක කමිටුවල කැඳවුම්කරුවන් ලෙස පූර්ණ කාලීනව අනුයුක්ත කර ඇත.
(v) ඔව්.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය යනුවෙන් කොට්ඨාසයක් ස්ථාපිත කර ඒ සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීමට පියවර ගෙන ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටිරාන් අලස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks