01

E   |     |  

 දිනය: 2023-05-23   පිළිතුර ලබා දී ඇත 

1577/2023: සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛා: විස්තර

1577/2023

ගරු සංජීව එදිරිමාන්න මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට ස්ථාපිත කර ඇති සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිති සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම සමිති යටතේ ස්ථාපිත කර ඇති සමූපකාර ග්‍රාමීය බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;

(iii) එම බැංකු පද්ධතියේ මේ වනවිට සිටින ගනුදෙනුකරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම බැංකු පද්ධතියේ වත්කම් හා බැරකම්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය සඳහා  ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ කාඩ්පත් පහසුකම් තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-23

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු විසින් ලබා දී ඇති තොරතුරු අනුව;

                        මේ වන විට ශ්‍රී ලංකාවේ පළාත් 9 තුළ ස්ථාපිත කර ඇති සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිති සංඛ්‍යාව 308කි.

              (ii)      එම සමිති යටතේ ස්ථාපිත කර ඇති සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛා සංඛ්‍යාව 2,286කි.

(iii) ගනුදෙනුකරුවන් විසින් විවෘත කර ඇති ගිණුම් සංඛ්‍යාව 10,425,709කි.

(iv) 2022.12.31 දිනට,

වත්කම් වටිනාකම - රුපියල් මිලියන 201,155

බැරකම් වටිනාකම - රුපියල් මිලියන 216,278

(ආ) බස්නාහිර පළාතේ අත්තනගල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව, වයඹ පළාතේ දඹදෙණිය විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව සහ පොල්ගහවෙල සමුපකාර ග්‍රාමීය බැංකුව යන සමුපකාර ග්‍රාමීය බැංකු සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ කාඩ්පත් පහසුකම් ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks