පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1549/2023
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ ස්වභාවික ව්‍යසන හේතුවෙන් ඉඩම් අහිමි වූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ට ලබා දීම සඳහා විකල්ප ඉඩම් හඳුනාගෙන තිබේද;
(iii) එම ඉඩම් පිහිටා ඇති ප්‍රදේශ කවරේද;
(iv) ඉහත (i)හි සඳහන් පුද්ගලයන් අතරින් මේ වනවිට විකල්ප ඉඩම් ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(v) සෙසු පුද්ගලයන්ට විකල්ප ඉඩම් ලබා දෙනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-18
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) පවුල් සංඛ්‍යාව 16,643කි. ඒ පිළිබඳ තොරතුරු ඇමුණුම් 01 සහ 02හි දක්වා ඇත.
(ii) ඉඩම් අහිමි වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය විකල්ප ඉඩම් ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇත. ඒ පිළිබඳ තොරතුරු ඇමුණුම් 01 සහ 02හි දක්වා ඇත.
(iii) ඉඩම් අහිමි වූ පුද්ගලයන් සඳහා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, මොනරාගල, කෑගල්ල, බදුල්ල, රත්නපුරය, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මකයි.
(iv) මේ වන විට නැවත පදිංචි කළ යුතු ලෙසට හඳුනා ගෙන ඇති විකල්ප ඉඩම් ගණන 6,846කි. ඒ පිළිබඳ තොරතුරු ඇමුණුම 01 සහ 02හි දක්වා ඇත.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
(v) විකල්ප ඉඩම් හඳුනා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළ යුතු අතර, එසේ හඳුනා ගැනීමෙන් පසු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් නැවත පදිංචි කිරීමට සුදුසු බවට නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව එම ඉඩම් ලබා දීම සිදු කළ යුතුය. ඒ අනුව නිශ්චිතවම දිනයක් ප්‍රකාශ කිරීම අපහසුය.
(ආ) නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබා දීමේදී ඉහත කී පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන හරහා එය සිදු කළ යුතුය. තවද, නැවත පදිංචි කිරීමට සුදුසු ඉඩම් නොමැතිවීම, නැවත පදිංචි කිරීමට සුදුසු ලෙස හඳුනා ගන්නා ඉඩම් සඳහා ප්‍රතිලාභීන් කැමැති නොවීම - සමාජයීය, සංස්කෘතික හේතු, නව පරිසරයට හැඩ ගැසීමට ඇති අකැමැත්ත හා ජීවනෝපාය ගැටලු - හේතුවෙන් හඳුනා ගනු ලබන ඉඩම් රජයට පවරා ගැනීමේදී මතුවන ගැටලු යන හේතු මත නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැක.
පිළිතුරු දුන් දිනය
2023-10-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks